(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (6) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 200 කින් ඉහළ දැමීමට පියවර ගත් බව එම සමාගම අද පස්වරුවේ නිවේදනය කළේය.
එම මිල ඉහළ දැමීමත් සමඟ කිලෝ 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,280 ක් බවට පත්වූ බව එම සමාගම සඳහන් කළේය.
ලාෆ් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 80 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 2,112 ක් බවට ද, කිලෝග්‍රෑම් 2 ගෑස් සිලින්ඩරයක් රුපියල් 32 කින් ඉහළ දැමීමත් සමඟ එම සිලින්ඩරය රුපියල් 845 ක් දක්වා ද, ඉහළ ගියේය.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් මෙම මිල ඉහළ දැමීම කළ බව ද ලාෆ් ගෑස් සමාගම වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd