(ලක්ෂ්මී ජයකොඩි)
මෙරට දෙමළ ජනතාවට හිමි ස්වයං තීරණ අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, ජාත්‍යන්තර ස්වයං තීරණ අයිතිය දිනා ගැනීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්‍යන් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ජාතික නිදහස් දින සැමරුමට විරෝධය පළ කරමින් මඩකළපුව කල්ලඩි පාලම අසලදී පැවති විරෝධතාවට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
බ්‍රිතාන්‍යයන් දෙමළ ජනතාවගේ ඉරණම සිංහල ජනතාව වෙත බාර දී ගිය දිනේ සිට මේ දක්වා දෙමළ ජනතාවට බොහෝ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවුණා. අපගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් කතා පැවැත්වීම් සිදු කර කර සිටීම නවතා ඒවා දිනා ගැනීම වෙනුවෙන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීමේ කාලය එළැඹ තිබෙනවා.
සිංහල පමණක් නීතිය ගෙන ආ අවස්ථාවේ බුද්ධිමත් දෙමළ තරුණ තරුණියන් මෙන්ම බොහෝ උගතුන් මේ රට හැර ගියා. ඇත්ත එයයි. වර්තමානයේ දකුණේ බොහෝ උගතුන් බුද්ධිමතුන් මේ රට හැර යනවා. අද මේ රටේ ජනතාව හඬ නඟන්නේ ඒ වෙනුවෙන්.
අද මේ රටේ ජනතාවගේ ආර්ථික නිදහස අහිමි වී තිබෙනවා. නමුත් දෙමළ ජනතාවගේ ආර්ථික මෙන්ම දේශපාලන නිදහසත් අහිමිව තිබෙනවා. එවා ප්‍රතික්ෂේප කරමින් තිබෙනවා. වතුකරයේ දෙමළ ජනතාව මේ රටේ ආර්ථිකය වෙනුවෙන් විශාල කැපවීමක් කරන ජන කොට්ඨාසක්. ඔවුන්ගේ පුරවැසි අයිතිය පවා අහිමි කළ කාලයක් තිබුණා. නමුත් තවමත් ඒ ජනතාව රටේ ආර්ථිකය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරමින් සිටිනවා.
උතුරු නැගෙනහිර පළාත් ජනතාවගේ ඉඩම් රැසක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන එම ඉඩම් සිංහල ජනතාව වෙත බෙදා දී තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුර ද දකුණ ද අදාල නැත.මෙවන් පුද්ගලයන් ප්‍රතික්ෂේප කර බැද දැමිය යුතු මය.මොහු සීමාව ඉක්මවා යමින් සිට්.
රනියා මේ දේවල් කියන්න කියලා තමුන්ට කිවුවද
මෙරට දෙමළ ජනතාවට හිමි ස්වයං තීරණ අයිතිය කුමක්ද කියා පැහැදිලි කරන්න
පරණ සමීකරන වලින් දැන් බලය ගන්න බෑ මල්ලී….. නූතන උගත් තාරුණ්‍යයත් එක්ක පාරට බැහැලා ගේමක් ඉල්ලපන්…!
දෙමළට නැති සිංහලයට විතරක් අමුතුවෙන් හම්බුනු අයිතිවාසිකමක් මට කියාපිය බලන්න. මේ රටේ ජාති ආගම් බේද නැතුව හැම එකාම දුක් විඳිනව. මේ අන්තවාදී කාලකන්නි ඒක තමන්ගේ ආගම නිසා ඇති කරපු එකක්ය, ජාතිය නිසා වෙච්ච එකක්ය කිය කිය ජනතාවගේ හිතේ ජාතිවාදය, ආගම්වාදය දදා ඡන්ද ගන්නව. අන්තිමේ තමන්ගේ උන්ට සේවය කරන්න භාන්ඩාගාරෙන් එවන සල්ලි වලින් භාගයක් වංචා කරලා, ඉතුරු භාගේ ආපහු භාන්ඩාගාරෙට යවලා කියනවා සිංහලයා සලකන්නේ නෑ කියලා. මෙහෙම උන්ට නෙමේ දඬුවම් දෙන්න ඕන, මේ වගේ කාලකන්නි මහ ඉහලින් සලකන් ඉන්න මෝඩ චන්ද දායකයන්ටයි මරණීය දණ්ඩනය් දෙන්න ඕන.
අරගලේ කාලේ ඔක්කොම අරගලකාරයෝ ඔලුව උඩ තියන් හිටපු අන්තවාදීයෙක්. මිනිස්සු මරන්න ඕන කියලා, ගෙවල් ගිනි තියන්න ඕන කියලා කියපු ත්‍රස්ථවාදී මානසිකත්වෙන් ඉන්න එකෙක්. දෙමළටයි, සිංහලයටයි දෙගොල්ලොන්ටම තව සෑහෙන කාලයක් දුක් විඳින්න වෙනවා මේ වගේ උන් පාර්ලිමේන්තු යැව්වොත්. ඒත් ඉතින් අපේ මෝඩ සෙට් එක මෙයාලව උඩින්ම පාර්ලිමේන්තු යවන්නේ.
කොටි කියලා ජාතියක් ලංකාවේ හිටියා. උන් මායිම් ගම්මාන වල සිංහලයො මර මර උන්ව එලවලා උතුරේ බිම බලෙන් අල්ලගෙන දැන් කියනවා අපි උන්ගෙ ඉඩම් ඇල්ලුව කියල. නිවට නායකයො ඉන්නකන් මේව අහන් ඉන්න තමයි තියෙන්නෙ.
සමහරුන්ට නම් ශානක්‍යම් මහ ප්‍රගතිශිලි හා බුධිමත් පොරක් වගේ පෙනුනට මෙයත් දෙමළ ජාතික සංධානයේම තවත් එක සමාජිකයෙක් විතරයි කියලා දැන් පැහැදිලි වෙනවා ඇති. ජාතිවාදි මතවාදයෙන් දෙමළ ජනතාවගේ ඔලු පුඑවලා හැමදාම උතුරු නැගෙනහිර බලය අල්ලා ගෙන ඉන්න පුළුවන් කියලයි මෙයාලා හිතාගෙන ඉන්නේ, නමුත් ශානක්‍යම් හොදට මතක තියා ගන්න දකුණේ ජනතාවට වැඩිය වේගයෙන් උතුරු නැගෙනහිර ජනතාව වෙනස් වන දිනය වෑඩි ඈතක නැති බව.
මුන්ට බැනලා වැඩක් නෑ ඉතින්. සිංහල හරක්ම තමයි මේ වගේ උන්ව කරේ තියන් යන්නේ. මතකනේ අරගල කාලේ. සිංහල ගොන් හැත්ත මෙහෙම වත් ඉන්න එක පුදුමයක් ඉතින්. කොයි පැත්තෙන් ආවත් අන්තවාදියා, ජාතිවාදියා අඳුරගන්න බැරි මෝඩයන්ට තමයි ලංකාවෙ ඡන්ද බලය තියෙන්නෙ.
බ්‍රිතාන්‍යයන් දෙමළ ජනතාවගේ ඉරණම සිංහල ජනතාව වෙත බාර දී ගියේ දෙමළ ජනතාවට මෙරටේ අයිතියක් නැති නිසයි. එංගලන්තේ ඉන්න දෙමළුන්ට , කැනඩාවේ ඉන්න දෙමළුන්ට ස්වයං තීරණ ගැනීමේ අයිතියක් තිබෙනවාද?
ශ්‍රිලංකාවේ වාසය කරනා සෑම ජනකොට්ටාශයකම ස්වයං තීරණ අයිතිය ඉල්ලුවොත් හොඳට තියේවි
මෙයා ඇඟට නොදැනෙන්න ජාතිවාදය අවුස්සනවා