(නිමල කොඩිතුවක්කු)

වර්තමාන ආණ්ඩුව ජන වරමක් නොමැති ආණ්ඩුවක් බැවින් ආන්ඩුවේ ගිවිසුම් කිසිවක් පිළි නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වරමක් නොමැති ආණ්ඩුවට  එක එක සංවිධාන සමඟ ගිවිසුම් ගසා මිනිසුන්ගේ ජන ජීවිත විනාශ කිරීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුවේ  ගිවිසුම්වලට ගරු කිරීමට බැදී නොසිටියත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජනතාවගේ පැත්තේ සිටගෙන ගණුදෙනු කරන බවත් මිනුවන්ගොඩ පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටියත් එය සඟවා ජනතාව පීඩාවට පත්වන ආකාරයට වත්මන් ආණ්ඩුව බදු පිට බදු පනවන බවත් විපක්ෂ නායකවරයා එහිදී කීවේය.