(නිමන්ති රණසිංහ)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සිදුකිරීමට නියමිත විරෝධතා ව්‍යාපාරය තහනම් කරමින් ආඥාවක් නිකුත් කරන්නැයි කුරුදුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (03) ප්‍රතික්ෂේප කළේය.
75 වන නිදහස් සමරුව වෙනුවෙන් ජනාධිපති අගමැති ප්‍රමුඛ ප්‍රභූ පිරිස් ඇතුළු මහජනතාව සහභාගීවන රාජ්‍ය උත්සවය හෙට(04) ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව ඇති බවත් ඒ හේතුවෙන් මෙම විරෝධතාකරුවන් පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය තහනම් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (01) වගන්ති ප්‍රකාරව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් කුරුදුවත්ත පොලීසිය අධීකරණයෙන් ඉල්ලීමක් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් මහජනතාවට රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මෙන්ම කැමැති තැනක වාසය කිරීමේ නිදහස ලබාදී ඇති බවත් සෑම රැස්වීමක්ම උද්ඝෝෂණයක් නොවන බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා විරෝධතාකරුවන් සාමය කඩවන අයුරින් හැසිරුණ හොත් දණ්ඩ නිති සංග්‍රහයේ මෙන්ම පොලිස් ආඥා පනතේ බලතල ප්‍රකාරව කටයුතු කරන ලෙසත් පොලීසියට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසිය වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, එම භික්ෂු බල මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජියන් වන පූජ්‍ය උදේනිගම ගුණරත්න හිමි, පූජ්‍ය පොකුණුවිට පියසෝම හිමි, එහි හිටපු කැදවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැදවුම්කරු අංජන රොදි්‍රගෝ, ලංකා ගුරු සංගමයේ ලේකම් බෙනඩික් ජෝසප් ස්ටාලින් ප්‍රනාන්දු, වෙනසක තාරුණ්‍යයේ සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු චතුරංග වීරසේකර ඇතුලු සමාජ ක්‍රියාකාරීන් 30 දෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන් ගියාම ලේ රසට කැමැති ලෝගු දාන වෘකයෝත් ඉන්නවා...
ජනතාවගේ අයිතීන් මිලේච්ඡ ලෙස කප්පාදු කර ඇති විටක සහ ජනතාව දැඩි ආර්ථික අහේනියකින් පෙලෙන විට කුමන නිදහස් සැමරීමක්ද? මේ දුර්දාන්ත රජය ගෙදර යවන තුරු උද්ඝෝෂණ කරමු.
මෙහි නම් සඳහන් සියලු දෙනා රටේ ප්‍රගමණය හෝ සමාජ ආරක්ෂාව අපේක්ෂා නොකරන වෛරයෙන්, ක්‍රෝධයෙන් පසුවන පිරිසක් බව රටේ ජනතාව නම් දනිති.
මිලියන 220 ක් ඉන්න රට වෘත්තීය සමිති නායකයෝ කීප දෙනෙක් කියන විදියට රටේ නීති ක්‍රියාත්මක කරන්න ගියොත් මේ ක ඇෆ්ගනිස්ථානයක් වෙනවා ලඟදීම. ඇයි මිනිස්සුට ඕන දේවල් කරන්න නීතිය නිදහස්.
නෙලන්න