
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
75 වන ජාතික නිදහස් දින සැමරුම් ආගමික වතාවත් ආරම්භ කරමින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා පිළියෙල කර තිබූ විශේෂ පූජාවට ද ජනාධිපතිවරයා සහභාගී විය.
මේ අතර වික්ටෝරියා වේල්ල ඉස්මත්තේ පැවැති 75 වන නිදහස් දින සැමරුම් පිරිත් පිංකම සඳහා ද සහභාගී වූ ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තේය.
අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්දසිරි අමරපුර මහා නිකායේ උත්තරීතර මහානා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිත් පිංකම සංවිධානය කර තිබිණි.
පිරිත් මණ්ඩපය වෙත සධාතුක කරඬු වහන්සේ වැඩම කරවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැහැත් වට්ටි පිළිගන්වා මහා සංඝරත්නයට පිරිත සඳහා ආරාධනා කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ භක්තිමත් දේශපාලන නායකයාට දිනපතා දළඳා සමිඳුන් වැඳපුදා ගැනීම පහසු කරනු පිණිස එක්කෝ දළඳා මන්දිරය කොළඹට ගෙන එන්න හෝ කොළඹ දළඳා මාළිගාව වෙත රැගෙන යාම සුදුසුයි.
මෙයා හැසිරෙන්නේ හරියට මිනිහා අපිට නිදහස ලබාදුන්නා වගේ.
රනිල්ගේ පවුල උපතින්ම හොඳ බෞද්ධයෝ. පුතානෝගේ පියානේ වගේ මයිනා වගේ මිත්‍යාව පස්සේ යන්නේ නෑ. 2001 යූ එන් පී ආණ්ඩාව කාලේ සාම ගිවිසුම ගහලා එල්ටීටීඊ එක දෙකට කඩලා කරුණා අම්මාන් වෙන්කරේ රනිලා හින්දා තමයි. 2005 ජනාධිපතිවරණයෙදි රනිල්ට විරුද්ධව ඡන්දය වර්ජනය කළේ දන්නෝ දනිති. රනිල්ට සුදුහුණු ගාන්ට නොවේ සත්‍යය මෙයයි.
අතක මල් බඳුනකි අනෙක් අතේ බැටන් පොල්ලකි.
මිහින්තලේ ආරක්ෂාව පැය 24න් අයින් කරාම.. දළදා වහන්සේ වඳින්න යන්නේ කොහොමද?