(අංජුල මහික වීරරත්න)
වසර 75 ක් තුළ සිදුව ඇති අඩු පාඩු සකස් කර ගනිමින් ඊළඟ පරපුරට අභිමානවත් රටක් බාර දීමට එක් වන ලෙස පක්ෂ විපක්ෂ සියලු දෙනා ගෙන් ඉල්ලා සිටින බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.
තම දේශපාලන ජීවිතයේ කිසිදු අවස්ථාවක කිසිවෙකුට පරිභව හෝ විවේචනය නොකළ බව සිහිපත් කළ කරූ ජයසුරිය මහතා තමා කිසි විටෙක නීති විරෝධී කටයුත්තක් නොකළ බවද පැවසීය.
නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මාදුළුවාවේ සෝභිත හිමි යෝජනා කළ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් තම දේශපාලන දිවිය කැප කළ බවත් මෙම ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානය තමන් අනුගමනය කළ ප්‍රතිපත්තිවලට ලබා දුන් ගෞරවයක් බවත් ජයසූරිය මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමෙන් අනතුරුව කරූ ජයසූරිය මහතා මෙි බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලාම උඹලවගේ කබ්බන්ව එලවලා දාන්න ඕනි. නැත්නම් තොපි අවුුරුදු 500 කින් ඉපදෙන්න ඉන්න උන්වත් ණයකාරයෝ කරලා තමයි පස්ස බලන්නේ.
මැතුමා කොයි ලෝකෙද දන්න නැහැ ඉන්නේ. දැන් එකතු වෙලා තමයි ඉන්නේ. පළාත් පාලන ඡන්දෙන් පසුව සජිත්ලාත් එකතු වෙනවා කියල රුවන් විජේවර්ධන කිව්වා. හරියට මේ ජනාධිපති සහ ආණ්ඩුව Mix Fruit Salad වගේ. ජ වි පෙ හැර සියලු පක්ෂය නියෝජන වෙලා. හැබැයි මේ ජනාධිපතිට සහ ආණ්ඩුවට රට ගොඩ දාන්න බැරි වෙලා. එකතු වුනාට වැඩක් නැහැ.
ආපහු පාරක් කතානායක තනතුරට පත් කරනව වත් කිව්වද?
බොලා එකතුවෙයල්ලා මුලින්ම.
අංකල්, දැන් ඔයාලාගේ කාලේ ඉවරයි. ඔය පින් ජනාධිපති ඔවුන්ගේ සහචර සෙට් එක මේ රට කාලා විනාශ කරලා තියෙන්නේ. ඔවුන් කවදාවත් මේ රට අභිමානවත් රටක් කරන්නේ නැහැ. මෙයා මෙච්චර වයසට ගියත් ඒ ටික තේරුම් ගන්න බැරි ඒක හරි පුදුමයි.
සීයේ ඉස්සෙල්ලාම කියන්න සීයා මොනවාද මේ රටට කරලා තියෙන්නේ කියලා
මෙයො බබා වෙන්න හදනව මහින්දගෙ දැත් සක්තිමති කරපු කෙනා අවස්තාදිි මිනිහෙක්.
ඔබලා එකතුවෙලා මහ පරිමානේ හොරකම් වංචා නම් කරලා තිබෙනවා. ලබන සැරේ පක්ෂ විපක්ෂ නාකි සෙට් එක ගෙදර අරිනවා.
ඔහොම සම්මානයක් උඹට නොලැබීමට ඕකම සුදුසුකමක්, යකෝ වැරදි දේට/පුද්ගලයාට පරිභව හෝ විවේචනය නොකර උන් එක්ක නිදාගත්ත නිසා තමයි රටට කෙළවුණේ. වල පයයි ගොඩ පයයි තියාගෙන දැන්ද යකෝ රට හදන්න යන්නෙ.