
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් තවමත් මිලියන 7 ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නවතම වාර්තාව පෙන්වා දී ඇත.
ඖෂධ හිඟය, ආහාර අනාරක්ෂිතභාවය, ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොමැති වීම සහ දීර්ඝ විදුලි කප්පාදු හේතුවෙන් ළමුන් සඳහා අත්‍යාවශ්‍ය සේවා වන සෞඛ්‍ය, අධ්‍යාපන සහ පෝෂණ සේවාවලට බලපෑම් එල්ල වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.2022 වසරේ ශ්‍රී ලංකාවේ ළමුන් 56000 ක් උග්‍ර පෝෂණ ඌනතා වලින් පෙළෙන බවට ඇස්තමේන්තු කළ බවත් ළමුන් 18420 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කළ බවත් එම වාර්තාවේ දැක්වේ.
ඖෂධ හිඟය, ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැති වීම සහ විදුලි කප්පාදුව රෝහල් වල සායන ප්‍රතිකාර සහ ශල්‍යකර්ම වලට බලපෑමක් එල්ල කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
294
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාව අනාරක්ෂිතයි
Hafeel Friday, 03 February 2023 04:04 PM
ඒ වුණාට ආසියාවේ උසම කුළුණ ලංකාවේ. අනික අපි තමයි ලෝකේ එකම රට..., දුප්පත් ජනතාව විසින් හිටපු ජනාධිපතිලා 5 දෙනක්ව නඩත්තු කරන්නේත්... මේ 5 දෙනාට සජිත්ගේ මවත් ඇතුළුව... ඒ වගේම විශාල මුදල් වියදම් කරලා අපි නිදහස් දිනයත් සමරනවා. ඉතින් ආඩම්බර නැද්ද...?
ජගත් ලියනගේ Friday, 03 February 2023 04:22 PM
අපි නං ඒක ගොඩාක් කල් ඉඳල දන්නවා .
pakeer Friday, 03 February 2023 04:24 PM
මානූෂිය ආධාර වශයෙන් සල්ලි දෙන්න එපා. ඒ වෙනුවට වීසා දෙන්න අපිට. වෙන රටවලට ගිහිල්ලා රස්සාවල් කරලා හොඳ ජීවිතයක් ගත කරන්න. සල්ලි දුන්නොත් මුන් ඒකත් හොකරම් කරනවා.
ranjith Friday, 03 February 2023 05:28 PM
ළමයින්ට මන්ද පෝෂණේ තිබුණත් මොවුන්ගේ පම්පෝරි ගහන උත්සව නතර කරන්නේ නැහැ...