
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් තවමත් මිලියන 7 ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නවතම වාර්තාව පෙන්වා දී ඇත.
ඖෂධ හිඟය, ආහාර අනාරක්ෂිතභාවය, ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොමැති වීම සහ දීර්ඝ විදුලි කප්පාදු හේතුවෙන් ළමුන් සඳහා අත්‍යාවශ්‍ය සේවා වන සෞඛ්‍ය, අධ්‍යාපන සහ පෝෂණ සේවාවලට බලපෑම් එල්ල වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.2022 වසරේ ශ්‍රී ලංකාවේ ළමුන් 56000 ක් උග්‍ර පෝෂණ ඌනතා වලින් පෙළෙන බවට ඇස්තමේන්තු කළ බවත් ළමුන් 18420 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කළ බවත් එම වාර්තාවේ දැක්වේ.
ඖෂධ හිඟය, ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැති වීම සහ විදුලි කප්පාදුව රෝහල් වල සායන ප්‍රතිකාර සහ ශල්‍යකර්ම වලට බලපෑමක් එල්ල කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට ආසියාවේ උසම කුළුණ ලංකාවේ. අනික අපි තමයි ලෝකේ එකම රට..., දුප්පත් ජනතාව විසින් හිටපු ජනාධිපතිලා 5 දෙනක්ව නඩත්තු කරන්නේත්... මේ 5 දෙනාට සජිත්ගේ මවත් ඇතුළුව... ඒ වගේම විශාල මුදල් වියදම් කරලා අපි නිදහස් දිනයත් සමරනවා. ඉතින් ආඩම්බර නැද්ද...?
අපි නං ඒක ගොඩාක් කල් ඉඳල දන්නවා .
මානූෂිය ආධාර වශයෙන් සල්ලි දෙන්න එපා. ඒ වෙනුවට වීසා දෙන්න අපිට. වෙන රටවලට ගිහිල්ලා රස්සාවල් කරලා හොඳ ජීවිතයක් ගත කරන්න. සල්ලි දුන්නොත් මුන් ඒකත් හොකරම් කරනවා.
ළමයින්ට මන්ද පෝෂණේ තිබුණත් මොවුන්ගේ පම්පෝරි ගහන උත්සව නතර කරන්නේ නැහැ...