IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


දියුණුවට ගතයුතු පියවර නොබියව ගන්නවා

(අංජුල මහික වීරරත්න)

සිය වන නිදහස් සැමරුම් දිනය වන විට  ඉහළ ආර්ථික සමෘද්ධියක් සහිත ගෝලීය ප්‍රාග්ධනයේ කේන්ද්‍රස්ථානයක් වූ ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා අද ගත යුතු පියවර නො බියව ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 75 වන ජාතික නිදහස් දින සමරුව වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ඒ සඳහා ජනතා විශ්වාසයත්, ආශිර්වාදයත් බලාපොරොත්තු වන බව පවසන ජනාධිපතිවරයා මෙසේද කියයි.

75 වන ජාතික නිදහස් දිනය සමරන මේ අවස්ථාව අපට අතිශයින් ම තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයකි.

පසුගිය වසර 75 පුරා අප විසින් දිනාගන්නා ලද දෙයට වඩා අහිමි කරගන්නා ලද දේ බොහෝ ය. එලෙස අහිමි වූ දේ ළඟා කර ගැනීම සඳහා ලෝක ආර්ථිකයේ සැලකිය යුතු තරම් විශාල පංගුවක් අත්පත් කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සැලසුම් කිරීම මේ වසරේ අපගේ මූලික අභිප්‍රාය යි.



අදහස් (12)

දියුණුවට ගතයුතු පියවර නොබියව ගන්නවා

kamal Friday, 03 February 2023 01:58 PM

මෙන්න මේ කතාව රාමුකරලා තියාගන්න. තව අවුරුදු විසිපහකින් නැවත බලන්න.

:       1       0

ජගත් ලියනගේ Friday, 03 February 2023 02:00 PM

ඔය ගැන කතාකරපු එක හොඳයි. ජනතාව ඔබ ගැන විශ්වාස කරන්නත් ආශිර්වාද කරන්නත්, ඔබතුමා ඒ විදියට හැසිරෙන්න ඕන. ඒක ක්‍රියාවෙන් නොකරන තාක්කල් අපෙන් ඒවා බලාපොරොත්තු වෙන්න එපා...

:       1       0

මල්ලි Friday, 03 February 2023 02:03 PM

අවුරුදු 45 පාර්ලිමෙන්තුවේ ලැගලා දියුණු කළානේ... අපිට නම් තිත්තයි, කරුණාකර තොලොංචි වෙලා, මක බෑ වෙලා යන්න.

:       1       0

sharm warn Friday, 03 February 2023 02:04 PM

දියුණුව කියන එකෙන් අදහස් කරන්නේ මේ රටේ තියෙන දේවල් විකුණන් කන එක නම්... පොඩ්ඩක් විතර බයක් හිතේ තියාගත්තට කමක් නැහැ.

:       13       24

ranjith Friday, 03 February 2023 02:39 PM

තව විකුණන්න වැඩි දෙයක් නෑ... ඒ ටිකත් විකුණලා කැපුවාම 76 හොඳට සමරන්න පුළුවන් වෙයි.

:       6       11

ජගත් ලියනගේ Friday, 03 February 2023 04:50 PM

අපිවත් විකුණලා තියෙයිද දන්නේ නෑ වහල්ලු විදියට 76 සමරන කොට.

:       2       2

pakeer Friday, 03 February 2023 02:50 PM

පුළුවන් නම් ඇමති නිල නිවාස, නිල වාහන, වර ප්‍රසාද, මුලින්ම නැති කරලා ලංකාවේ ජීවත් වෙන හැමෝගෙම ආදයම් සොයා බලා ටැක්ස් එකක් ගහලා පෙන්වන්න. එතොකට හිතා ගන්නම් බයට බය නැහැද කියලා.

:       0       5

Hafeel Friday, 03 February 2023 03:41 PM

මෙයා කියන පරිදි පසුගිය වසර 75 පුරා අප විසින් දිනාගන්නා ලද දෙයට වඩා අහිමි කරගන්නා ලද දේ බොහෝය. එම වසර 75 න් වසර 47ක්ම මෙයා උපරිමයෙන් විධායක ජනාධිපති ධුරය ඇතුළු විවිධ තනතුරු දරමින් සිටිනවා. එහම නම්, ඔහුත් පිළිගන්නවා මේ රටේ විනාශයට ඔහුත් වග උත්තරකරුවක් කියලා. ඒ කියන්නේ එම වසර 75 න් 2/3 කාලයක් ඔහු දේශපාලනයේ නිරතවෙලා ඉන්නවා. ලෝකේ කොහෙවත් ඉතිහාසයක් නැහැ. ආර්ථිකය විනාශ කළ පිරිසක් නැවත එම ආර්ථිකය ගොඩ නැගුවයි කියලා. සිංගප්පූරුවේ ලී ක්වාන්, මැලේසියාවේ මගදීර්, නවසීලන්තයේ ජසින්ධා එම නායකයෝ ජනවරමින් බලයට ඇවිත්, කෙටි කාලයකින් ඔවුන්ගේ වැටිච්චි රට දියුණු කරලා විශ්‍රාමත් ගිහින් ඉවරයි. එම නායකයින් ජනවරමක් නැතුව කිසිවිටක බලයට ආවේ නැහැ.

:       5       12

sene Friday, 03 February 2023 03:45 PM

මෙයාගේ පොර ටෝක්, මෙන්න යථාර්ථය. ‘නැප්තා’ නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරය අද (3) රාත්‍රී නැවත අක්‍රීය වීමේ අවදානමක් ඇති බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය...

:       5       10

Sunil Friday, 03 February 2023 04:00 PM

දියුණුවට ගන්න පියවර කියන්නේ අනවශ්‍ය උත්සව වෙනුවෙන් කෝටි ගණනින් මුදල් වැයකිරීමද? ඔබේ පාලනය යටතේ රට තවතවත් ආපස්සට යනවා.

:       3       7

sagara vijenayaka Friday, 03 February 2023 06:44 PM

ජනාධිපතිතුමනි, මේ දූපතේ අනාගත දියුණුව වෙනුවෙන් ඔබ ගන්නා අප්‍රතිහත ධෛර්යයට මගේ සුබ පැතුම්... ජනාධිපතිතුමනි ඔබට ජය පතමි....!

:       2       2

ගමේ එකාලා Friday, 03 February 2023 06:55 PM

පින් ජනපති වෙන මොනවා නැතත්, හිටපු දූෂිත පවුල් පාලනේ උදවිය ආරක්ෂා කරන්න නම් ගන්න ඕන සියලුම පියවර නොබියව අරන් තියෙනවා.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 120 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 680 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site