(අංජුල මහික වීරරත්න)
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා 75 වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකාවාසී ජනතාවට සුබ පැතුම් පළ කර තිබෙි.
ද්විපාර්ශ්වික මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කිරීමට සහ ගැඹුරු කිරීමට තමන් අපේක්ෂා කරන බවත්, එකට එක්ව, හවුල් වටිනාකම් සහ දැක්ම ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවත් ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එහෙයි, මෙහෙයි නිදහසේ කිසිම වෙනසකුත් නැහැනේ..!
ජෝ බයිඩන් මහත්තය මේ මොනා දොඩවනවද මන්දා? අපි බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවේ නැහැ. ලංකාවේ කළු සුද්දන්ගේ හොර කල්ලි කිහිපයක ග්‍රහණයට අපි අහු උනා. අදටත් සුද්දන්ට බැන බැන බ්‍රිතාන්‍යයට, ඇමරිකාවට, ඔස්ට්‍ර්ලියාවට හා යුරෝපයට පැනගෙන සැපවත් ජීවිත ගත කරන ලාංකිකයෝ මොන තරම් ඉන්නවද? රටේ කාන්තාවන් මැදපෙරදිගට විකුනලා ලැබෙන මුදල් නැත්නම් ලංකාවට යන එන මං නැහැ. මෙතරම් ජල සම්පතක් තියන රටේ, සමස්ත ජනතාවට පානීය ජලය ටිකක් ලබා දෙන්න බැරි පාලකයෝ ඉන්න රටක් තමයි මේ. දුප්පත් අපෙන් හොරාකාපු මුදල් ඇමරිකාවේ යහමින් වියදම් කරනවා ඇති ලංකාවේ පාලකයින්. අවංක නායකයෙක් ලෙස ඔබ තුමා ඔය කරපු ශුභ පැතුමට වඩා ශෝක ප්‍රකාශ කළා නම් තමයි අපි ගරු කරන්නේ. පුළුවන් නම්, අපේ රටේ උගත් හිඟන දරුවන්ට ඇමරිකාවට එන මාර්ගයක් විවුර්ත කර දෙන්න. ඔබ තුමාට හා ඇමරිකාවට ජයවේවා!!
සුබපැතුම් එපා. වීසා දීපන්.
සුබතුම් නෙවෙයි. පුළුවන්නම් අපිට ආධාරයක් කරන්න. නැත්නම් මේ රට අල්ලා ගන්න.
ඇමරිකාව ....ඔබගේ උපකාරය අපි අගය කරමු.