සතොස සහල්,ලුනු,හාල්මැස්සන් මිල පහළ දමයි ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල නැවත් පහත දමා තිබේ. සියලුම සතොස අළෙවිසල්වලින් මෙම සහන මිලට හෙට (1) සිට මෙම මිල ක්‍රියාත්මක වන බව ද සතොස පවසයි. 30 November 2022
ඕස්ට්‍රේලියා ගියත් හොරකම අතහැර නෑ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි දේශීය ක්‍රිකට් තරඟාවලියක් සඳහා ජාත්‍යන්තර ක්‍රීඩකයන් දස දෙනකුට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් 250000 ක මුදලක් තම සේවා යෝජකයාගේ ගිණුමෙන් සොරකම් කිරීම සම්බන්ධ චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයකු ගැන මාධ්‍ය වාර්තා කර තිබේ. 30 November 2022
එක්දින සේවයෙන් ‘පාස්පෝට්’ 3000 ක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවයෙන් දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 ත් 3,000 ත් අතර සංඛ්‍යාවක් දිනකට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසීය. 30 November 2022
ලොකු මිනිස්සුත් එක්ක හැප්පී ගෙදර යැවූවා කවුරුන් හෝ දේශපාලන වශයෙන් හැප්පෙන්න ආවොත් හැප්පීමට සූදානම් බවත් වර්තමානයේ හැප්පීමට එන පුද්ගලයන්ට වඩා ලොකු මිනිස්සුත් එක්ක හැප්පී ගෙදර යැවූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය. 30 November 2022
අරගලයේ වසන්තට ලක්ෂ 05ක ශරීර ඇපයක් අරගලය පැවැති දිනයේදී ජනාධිපති ලේකම්කාර්යට අයුතු ලෙස ඇතුලුවීමේ සිද්ධියට අදාළව අධිකරණයට භාරවූ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (30) නියෝග කළේය. 30 November 2022
පියවර දෙකකින් විදුලි බිල ඉහළ දමන්න අවසර විදුලිය ගාස්තු ලබන වසරේ ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී පැවසීය. 30 November 2022
නොවැම්බර් මස උද්ධමනය සියයට 5 කින් පහළට ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මසට සාපේක්ෂව නොවැම්බර් මස උද්ධමනය සියයට 5 කින් අඩු වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 30 November 2022
ලිට්රෝ නඩුවට ජනාධිපති නම ඇඳුවාට නීතිපතිගේ විරෝධය ලිට්රෝ ගෑස් ටෙන්ඩරයට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සමෙහි වග උත්තරකරුවෙක් ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අද සිය විරුද්ධත්වය ප්‍රකාශ කළේය. 30 November 2022
බිත්තර පාලන මිල යළි සලකා බලනවා බිත්තර මිල සඳහා වත්මන් වෙළඳපොළ පාලන මිල පිළිබඳව යළි සළකා බැලීමට තීරණය කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය. 30 November 2022
සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් නොරොච්චෝලේ ‘ලක්විජය’ ගල්අඟුරු බලාගාරයේ 3 වැනි ජනන යන්ත්‍රය ලබන දෙසැම්බර් 15 වන දින ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට නියමිතව බවත් ඉන් පසුව සංචාරක අමාත්‍යාංශය හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 30 November 2022
වැවිලි සමාගම්වල නිකන් තියෙන ඉඩම් රජයට මහා පරිමාණ වැවිලි සමාගම් සතු භාවිතයට නොගන්නා ඉඩම් ( ඌන උපයෝජිත ඉඩම්) රජයට පවරා ගැනීම සඳහාවූ යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමතියට ඉදිරිපත් කර ඇතැයි කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 30 November 2022
තිළිණිගේ නඩුවේ දෙකකට ඇප. දෙකක් රිමාන්ඩ් තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇපමත මුදාහැරමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. 30 November 2022
ජනතාව බඩගින්නේ තබා නීරෝලා වීනා වාදනය කරනවා ජනතාව බඩගින්නේ තබා නීරෝලා වීනා වාදනය කරන බව මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 30 November 2022
අන්තර් ජාලය බලා ගිනි අවියක් නිපදවලා යූ ටියුබ් එකේ දර්ශණ නරඹමින් හමුදා ස්නයිපර් තුවක්කුකරුවන් භාවිතා කරන ගිනි අවියකට සමාන අඩි හතරකට ආසන්න දිගකින් යුත් ගිනි අවියක් නිපදවන ලද පුද්ගලයකු අද (30) අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි . 30 November 2022
නිව් ඩයමන්ඩ් නැව යැව්ව එක වැරදියි එම්.ඊ නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි බත් වූවාට පසු එම නැවට මෙරටින් පිටවීමට ඉඩදීම කනගාටුදායක තත්වයක් බවත් එසේ කටයුතු කිරීම සම්බන්ධයෙන් එම කාලසීමාවේදී අදාල අමාත්‍යාංශය බාරව සිටි දේශපාලන අධිකාරියටද විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ නාවික හමුදාපතිවරයාටද තමා කෙළින්ම චෝදනා කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරැන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය. 30 November 2022
ආයතන රැසකින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට පොලු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විවිධ ආයතන සහ පුද්ගලයන් රුපියල් කෝටි හැත්තෑ හත්දහස් තුන්සියයක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා) තොරතුරු අනාවරණයවිය. 30 November 2022
අංගුලිමාලයි දේවදත්තයි පැත්තකින් තියලා ජනතාවට කන්න දෙන්න මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය වන්නේ අංගුලිමාල ලා දේවදත්තලා ගැන කතා නොව කුසගින්නට බත් කටක් යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 30 November 2022
’’කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු’’ ජීවන බර අධ්‍යාපන බර අඩු කරනු කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු මැයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය සංවිධානය කළ උත්ඝෝෂණයක් දියත උයන ඉදිරිපිට පාර්ලිමේන්තු වටරවුමේදී අද 30 පෙරවරුවේ පැවති අතර එම කාන්තාවන් පාගමනින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට යාමේදී එයට පොලීසියෙන් බාධා එල්ලවිනි . 30 November 2022
ජනපතිගේ ප්රතිපත්තියත් ණයට කකා ජොලියේ ඉන්න එක වර්තමාන ජනාධිපතිතුමා හිතන්නෙත් රටේ මොනවා හරි විකුණලා සංචිතයට බිලියන තුන හතරක් දාගෙන ’’රේටින් ’’ වලින් උඩට පැමිණි පසු ණයට කකා ජොලියේ ඉන්න බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී අද (30) පැවසීය. 30 November 2022
’’ මේ වගේ වෙලාවක ඕන ඒ වගේ මිනිස්සු’’ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් යනු ප්‍රායෝගික මනුස්සයෙක් යැයිද ඔහු බිමට බැස වැඩ කරන මිනිහෙක් යැයි ද සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 30 November 2022
සුදුමැස්සා පාලනයට හමුදාව හෙලිකොප්ටර් යොදවන්න පොල් වගාව තුළ සුදු මැස්සා තදින්ම පැතිර යන හෙයින් හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් පාලනය කිරීමට කටයුතු කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (30) ඉල්ලීමක් කළේය. 30 November 2022
ජනපති COP27 සමුළුව ගැන කලකිරෙයි දේශගුණික විපර්යාසවලට ප්‍රතිඵලදායක ලෙස විසඳුම් ලබාදිය හැකි රටවල් දේශගුණික ක්‍රියාකාරකම්වලට ඍජුව මැදිහත් නොවීම අනාගත මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 30 November 2022
හතරකට කන්න කොච්චර ඕන දැයි ගණනය කරයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලංකාවේ හතර දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් පෝෂදායී ආහාර වේලක් ගැනීමට රුපියල් ලක්ෂයක හෝ ලක්ෂ එකහමාරක වියදමක් යන බව ගණනය කර ඇතැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 30 November 2022
සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ව්‍යවස්ථාදායක සභාවට, ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස නම් කළ බව, අගමැති දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(29) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය. 30 November 2022
මහපොළ ප්රතිලාභ වැඩි කරනවා මහපොළ ප්රතිලාභ මුදල වැඩි කරන්නට අවධානය යොමු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 30 November 2022
අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නෑ රටේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල කිසිදු හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 30 November 2022
දක්ෂ ඇමතිලා ලිප් බොක්කට දාලා හැකියාවක් ඇති බුද්ධිමත් ඇමතිවරුන් ලිප් බොක්කට දමා ඇතැයි සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 30 November 2022
ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති 10වැනි රට ලංකාව ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති රටවල් 10 අතර දස වෙනි ස්ථානය පැමිණීමට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි යූ.එස් නිව්ස් වෙබ් අඩවියේ දත්ත වාර්තා පෙන්වා දෙයි. 30 November 2022
යාලට ආලෙන් එන අයට ගිමන් නිවන තැනක් හදයි යාල වනෝද්‍යානයට එන දෙස් විදෙස් සංචාරකයින්ට දිවා කාලයේ විවේක ගැනීම සඳහා වෙනමම විවේක ස්ථානයක් (Resting Place) ඉදි කිරීම අැරැඹූ බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. 30 November 2022
කවුද වසලයා කවුද බ්‍රහ්මණයා කියන එක ඔප්පු වෙමින් තිබෙනවා කවුද වසලයා කවුද බ්‍රහ්මණයා කියන එක අද රටට ඔප්පු වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය. 30 November 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026