කන්න හොඳ හාල් කුකුලන්ට දෙන්න ගෙනිහින් මාට්ටු මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වයේ සහල් කිලෝ 21240ක් සත්ව ආහාර සැකසීම සඳහා ලොරි රථයකින් කදුරුවෙල සිට කුලියාපිටියට ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු මින්නේරිය පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය කියයි. 02 December 2022
දේශීය ණය පැහැර හැරීමේ අවදානමක් ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය ණය වර්ගීකරණ ශ්‍රේණිය ccc සිට cc දක්වා පහත දැමීමට ගෝලීය ණය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ෆිච් රේටින්ග්ස් ඊයේ(01) කටයුතු කළේය. 02 December 2022
බිළිඳකු පොල්පිතිගම වෙල්යායක දමා ගිහින් පොල්පිතිගම, කොරුවාව, පුගොල්ලාගම වෙල් යායක මාර්ගය අයිනේ දමා ගොස් සිටි බිළිදකු අද පෙරවරුවේ සොයා ගත් බව පොල්පිතිගම පොලීසිය කියයි. 02 December 2022
ශ්‍රී ලංකාවට ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී නාමලේඛණයක් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ (සී.අයි.ඕ.) නාමාවලියක් සකස් කිරීමට අයදුම්පත් කැඳවන බවත් ඒ සදහා සුදුසුකම් ඇති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නිලධාරීන්ට මේ මස 30 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා අද (2) පැවසීය. 02 December 2022
17 දරුවා මෝටර් රථය තුළ මරුට නිවස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථයක් තුල පැය තුනකට අධික කාලයක් සිරවී සිටී 17 හැවිරිදි සිසුවකු මෝටර් රථයෙන් එළියට ගෙන රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිලියන්දල පොලිසිය කියයි. 02 December 2022
රජ සැප කුමට නුඹෙ සෙනෙහස ඇති අම්මේ මැල්සිරිපුර බණ්ඩිපොල ප්‍රදේශයේ ගරා වැටුණු අනාරක්ෂිත නිවසක මවත් පියාත් නොමැතිව තම නැගණිය සමග තනිව ජීවත්වූ දාහතර හැවිරිදි දියණිය පිළිබඳව මාධ්යත මගින් හෙළි කිරීමෙන් අනතුරුව කුවේට්හි තානාපති කාර්යාලය සහ රට විරුවන් සංවිධානය මගින් එම දැරියන්ගේ මව නැවත ඊයේ (1) ලංකාවට එවීමට කටයුතු කරනු ලැබීය. 02 December 2022
ආර්ථිකය ගැන හොයන්නැයි ඉල්ලූ ලියවිල්ල කෝ? 2019 න් පසු ලංකා ආර්ථිකයට සිදු වූ ගැටලුකාරී තත්ත්වය ගැන පරීක්ෂණ කරන්නට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කර කතානායකට දුන් ලිපියට සිදු වූයේ කුමක් දැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී විමසීය. 02 December 2022
ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මාස දෙකක් රස්තියාදු කරයි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් මහතා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව මාස 2කට පෙර තේරීම් කමිටුවෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියද එම අවස්ථාව මේ දක්වා නොලැබීම නිසා ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කිරීමට අදාල ක්‍රීඩකයා සූදානම් වන බව දැනගන්නට තිබේ. 02 December 2022
මැතිවරණ කොමිසම ආණ්ඩුවේ නාඩි වැටෙන හැටි බලන් ඉන්නවා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවෙි නාඩි වැඩ කරන්නේ කොහොමදැයි මැතිවරණ කොමිසම බලා සිටීම නිසා එම ඡන්දය නොපවත්වා සිටින බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 02 December 2022
මොණරාගල ඉඩම් හෙක්ටයාර් 5000ක් වගාවට මොනරාගල, කොටියාගල ඉඩම් හෙක්ටෙයාර් 5000ක් වගා කටයුතු සඳහා තාවකාලික පදනමින් ගොවි ජනතාවට ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ. 02 December 2022
ක්‍රිකට් කණ්ඩායම ගැන සොයන්න ඇමැති ගෙනුත් කමිටුවක් ඕස්ට්‍රේලියාවේදී පැවති විස්සයි20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කර තිබේ. 02 December 2022
ප්‍රාදේශීය ලේකම්වරු හිතුමතේට ඉඩම් බෙදලා හිටපු ප්‍රාදේශීය ලේකම්වරුන් පිරිසක් අම්මා අප්පාගේ බූදලය වගේ තමන්ගේ ඥාතීන්ට ඉඩම් බෙදා ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලීමක් කරන බව වනජීවි හිටපු අමාත්‍ය, නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී බී රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පැවසීය. 02 December 2022
සමන්තා පවර් - අලි සබ්‍රිරි හමුවක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මුණගැසුණු බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 02 December 2022
කොළඹ අධික වියදම් නගර අතරට ලෝකයේ ජීවත් වීමට අධික ජීවන වියදමක් දැරීමට සිදුවන නගර අතර පළමු වෙනි ස්ථානයට පත් වීමට සිංගප්පූරුව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය සමත්ව ඇති බව ඉකොනොමිස්ට් පුවත්පතේ පර්යේෂණ හා විශ්ලේෂණ අංශය ඊයේ (01) නිකුත් කළ සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. 02 December 2022
පන්තිවලට සිසුන් ගැනීම ගැන තීන්දුවක් අතරමැද පන්ති සඳහා 2022 වසර වෙනුවෙන් සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන් වන වාරය ආරම්භ වන ලබන 5 වැනි දින සිට සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 02 December 2022
අලි අගල් හොරට කපා වැලි සහ පස් ඇදලා අලි වැට වෙනුවට අඟල් කැපීමේ ව්‍යාපෘතිය යටතේ නිත්‍යානුකූල නොවන අයුරින් කිලෝමීටර් කිලෝමීටර් 55ක අගල් කපා වැලි සහ පස් ඇද ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය 02 December 2022
පොහොර නැව් දෙකක් කොළඹ වරායට එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය විසින් දිස්ත්‍රික් අටක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබා දෙන යුරියා මෙට්‍රික් ටොන් 9000ක් සහිත නැව අද (2) උදේ කොළඹ වරායට සේන්දු වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 02 December 2022
විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු අද සවස 2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද (2) පස්වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 02 December 2022
විපක්ෂයේ සමහරුන්ගේ හැසිරීම අශෝභනයි විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත් ඔවුන් තේරුමක් නැති පල් හෑලි කතා කිරීම නිසා සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (2)පැවසීය. 02 December 2022
කොම්පෝස්ට් කියා වැලි දුන් සමාගම ’’බ්ලැක් ලිස්ට්’’ ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් වහාම අසදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දුන්නේය. 02 December 2022
කන්න නැතිව එක් දරු මව දිවි නසාගෙන? නිවසේ පැවැති ආර්ථික දුෂ්කරතා ඉවසා දරා ගැනීමට නොහැකි වු වයෝවෘද්ධ කාන්තාවක විස වර්ගයක් ශරීරගතවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අරණායක පොලිසිය පැවසීය. 02 December 2022
පළාත් රැසකට සවස තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (2) සවස් කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 December 2022
තෙල් ලොක්කකුගේ තෙල් මගඩියක් ගැන විගණනයෙන් එලියට ලංකා ඛනිජ වැලි සමාගමේ සභාපතිවරයාගේ වාහනයේ ඉන්ධන ටැංකියේ ධාරිතාවය ලීටර් 80ක් වුවද අවස්ථා ගණනාවකදිම ලීටර් 100ක් බැගින් ලබාගෙන ඇතැයි වවුචර් පත් මගින් තහවුරු වි ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. 02 December 2022
කෝටි 5233ක ව්‍යාපෘති පටන් ගත් තැනම විදේශ ණය ආධාර යටතේ රුපියල කෝටි 7398 වැය වසර හතරත් හයත් අතර කාලයකින් අවසන් කරන්නට නියමිත වූ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ව්‍යාපෘතිවලින් කෝටි 5233ක වැඩ 2022 වන විටත් අවසන්ව නැති බව විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ විගණන වාර්තාවලින් අනාවරණය වේ. 02 December 2022
ලංකාව පළමු තැනට ගන්න අධ්‍යාපනය අලුත් කරන්න ශ්‍රී ලංකාව සෑම අතින්ම පළමු තැනට ගෙන ඒමට නම් රටේ අධ්‍යාපන ක්ෂේත්රයේ දැවැන්ත පරිවර්ථනාත්මක, විප්ලවීය වෙනසක් සිදු කළ යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 02 December 2022
හොර වකුගඩු රෝහල ගැන විමර්ශනයක් දිළිඳු පවුල්වල පුද්ගලයන්ගෙන් වකුගඩුවකට රුපියල් කෝටි එකහාමාරක් ලබාදෙන බව පවසා වකුගඩු ලබාගෙන මුදල් නොදී වංචා කර ඒවා ලොකු මිලගණන්වලට දේශීයව සහ විදේශීයව විකුණා ඇතැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (01) කරුණු වාර්තා කළේය. 01 December 2022
පනතට ගරු කළ ද ඇමතිට ගුරු නොකරමි මහජන උපයෝගිතා කොමිසමේ පනතට ගරු කළ ද ඇමතිට ගුරු නොකර බවත් පනතක් යනු රාජ්‍ය ප්‍රතිපත්තියක් වීම නිසා මේ අවස්ථාවේදී දේශපාලන අධිකාරිය රාජ්‍ය ප්‍රතිපත්තියට පිටින් නොයනු ඇති බවට තමන් විශ්වාස කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පස්වරුවේ පැවසීය. 01 December 2022
විදුලිය හෙට කපන්නේ මෙහෙමයි පැය දෙකයි විනාඩි 20 ක් හෙට (2) දිනයේ ද විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පස්වරුවේ පැවසීය. 01 December 2022
එජාපය ගමෙි බලඇණිය තෝරයි එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (1) ආරම්භ කෙරිණි. 01 December 2022
‘‘කැබිනට් තීරණ ක්‍රියාත්මක කරන්න බැඳිලා නෑ‘‘ විදුලි ගාස්තු ඉහල දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නද එම තීරණය ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම බැඳී නොමැති බවත් කැබිනට් මණ්ඩලයේ එම තීරණය මහජන උපයෝගීතා කොමිසමේ පනතට පටහැනි බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පස්වරුවේ පැවසීය. 01 December 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026