ලංකාදීපය 17වන වරටත් කිරුළ පළදියි ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 17 වැනි වරටත් දිනපතා සහ ඉරිදා ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී. 27 March 2023
කබඩි සම්මේලන සභාපතිගේ වත්තට බෝම්යක් දමලා ශ්‍රි ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර ධර්මරත්න මහතාගේ හෙට්ටිපොළ දොළහමුණ ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටට කිසියම් පුද්ගලයකු විසින් විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් දමා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෙට්ටිපොළ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත, 27 March 2023
’’බදු සහන දුන්නොත් බිත්තර 42ට අඩු කරනවා’’ කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනයක් ලබා දෙන්නේ නම් බිත්තරයක් රුපියල් 42 ක මුදලකට ලබාදීමේ හැකියාව ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා ප්‍රකාශ කළේය. 27 March 2023
දුරකතනයෙන් හැදිනගෙන බාල දැරිය අපයෝජනය කරලා වට්ස්ඇප් මාර්ගයෙන් හඳුනා ගත් බව කියන බාලවයස්කාර පාසල් සිසුවියක් රවටා ඇය මහනුවර ගැටඹේ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළකට රැගෙන ගොස් ලිංගික අපයෝජනයකට කළේ යැයි කියන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට මහනුවර මූලස්ථාන පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි 27 March 2023
කොටහේනේ ගලිවලකට ඇද වැටී සේවකයෝ දෙදෙනෙක් මරුට කොළඹ මහ නගර සභාවේ අනියම් කම්කරුවන් දෙදෙනෙකු කොටහේන හෙට්ටියාවත්ත හන්දියේ දී ගලි වළකට ඇද වැටීමෙන් අද (27) මියගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි 27 March 2023
නිරිඇල්ලේ උපාධිධාරිනියගේ සිරුර බෝක්කුවක් යට ඇලපාත පොලිස් වසමට අයත් නිරිඇල්ල ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී ඝාතනය කළ බවට සැකකළ හැකි තරුණියකගේ මළ සිරුරක් අද (27) දහවල් ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමක් මත සොයාගත් බව ඇලපාත පොලීසිය පැවසුවේය. 27 March 2023
ලංකාව අලුත් බලශක්ති සොයමින් ඉන්නවා ලංකාව තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී පුනර්ජනනීය බලශක්තියට සංක්‍රමණය වීමේ අවස්ථා සොයමින් සිටින බව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 27 March 2023
වැලි ජාවාරමක් වටලා 15 ක් අත්අඩංගුවට දැවැන්ත පරිසර හානියක් සිදුකරමින් අම්බලන්ගොඩ මාමඩල ජන්සගම ප්‍රෙද්ශයේ විශාල කුඹුරු යායක පස් සෝදා වැලි සකස් කරන ජාවාරමක් වටලා පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බවක් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය. 27 March 2023
වියලගොඩ අමුණේ නාන්න ගිය තරුණයා අවසන් ගමනේ වේයන්ගොඩ වියලගොඩ අමුණෙහි ඊයේ (26) පස්වරු 3.00 ට පමණ දියනෑමට ගිය තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි. 27 March 2023
පාස්කු ප්‍රහාරයට අනුබල දුන් කෝටිපතියා දින 90 ක් රදවාගෙන ප්‍රශ්න කරන්න අවසර තවුහිද් ජමාද් සංවිධානයේ නායක ‘මොහොමඩ් සහ්රාන්’ ගෙන් හම්බන්තොට ප්‍රදේශයේ ආරක්ෂක නිවස්නයකදී අවි පුහුණුව ලබා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල ලබාදුන් බව කියන එම සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු වන කෝටිපති ව්‍යාපාරිකයෙක-ු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට අද (27) අවසර ලබා දුන්නේය. 27 March 2023
විදේශ සමාගම් 3කට ලංකාවට තෙල් ගේන්න අවසර ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීම සහ බෙදා හැරීම ඇතුළු මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා සමාගම් තුනකට අනුමැතිය දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 27 March 2023
ආයතන රැසක් මැතිසබයට වාර්තා දීම පැහැර හැරලා බොහෝ අමාත්‍යාංශ යටතේ ඇති රාජ්‍ය ආයතන රැසක් වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පැහැර හැර ඇතැයි වාර්තා වේ. 27 March 2023
බිත්තර සෞඛ්‍ය පරීක්ෂණ වාර්තා අදත් නෑ ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 20 අද (27) පස්වරු දක්වා වරායෙන් නිදහස් කරගැනීමට නොහැකි වී ඇති බවත් එම බිත්තර තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා අද පස්වරුවේ පැවසීය. 27 March 2023
පෙරදිග සංගීත ප්‍රායෝගික පරික්ෂණ හෙට නෑ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ -2022 විභාගයේ පෙරදිග සංගීතය විෂයයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (28) නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. 27 March 2023
දරුවන්ගේ ආහාර සිද්ධිය ගැන පරීක්ෂණ අරඹයි දරුවන්ගේ ආහාර දීමනාවෙන් විදුහල්පතිනියක සැමියාගේ උපන්දින සාදයට කෑම ලබාගෙන ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොබැලීමට අද එම විදුහලට ගොස් පරික්ෂණ කටයුතු ආරම්භ කළ බව හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂ යමුනා ගීතාංජලී මහත්මිය පැවැසුවාය. 27 March 2023
රතු සීනි ආනයන තහනම ඉවත් කරන්න නීති විරෝධීව රතු සීනි මෙරටට ආනයනය කිරීම නැවැත්වීමට නොහැකි නම් රතු සීනි ආනයන තහනම ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් එසේ නොවුණ හොත් ජනතාවට තව දුරටත් වැඩි මිලට රතු සීනි මිලදී ගැනීමට සිදුවන බවත් සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවග්ගේ සංගමයේ උපදේශක පැරකුම් අබේසේකර මහතා අද (27) ‘ලංකාදීප’යට පැවසීය. 27 March 2023
රැඳවුම් බලතල පාවිච්චි කරන්නේ නෑ තමා ජනාධිපති වශයෙන් අනිවාර්යයෙන්ම රැඳවුම් බලතල පාවිච්චි කරන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 27 March 2023
ශ්‍රේෂ්ඨාධිකරණයට අත තියන්න ඉඩදෙන්නේ නෑ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට කිසිසේත් ඉඩ නොතබන බවත් මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ක්‍රියාකලාපය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක් බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (27) පැවසීය. 27 March 2023
ලොව මිල අධිකම රන් කාසිය යළි ග්‍රීසියට ලොව මිල අධිකම රත්තරන් කාසිය ලෙස සැලකෙන ’’ඊද් මාර්’’ කාසිය ඇමෙරිකානු බලධාරීන් විසින් ග්‍රීසියට නැවතත් භාර දී තිබේ.2021 වසරේ වෙන්දේසියකදී මෙම කාසිය ඇමෙරිකානු ඩොලර් මිලියන 4.2 කට අලෙවි කර තිබේ. මෙම කාසිය සෙනෙට් සභික බෘටස් විසින් සීසර් ගේ ඝාතනය සිහිවීම සඳහා සමරුවක් ලෙස වසර 2000 කට පෙර නිර්මාණය කර ඇත. 27 March 2023
එළවළු මිල ලෙල්ලටම බහී එළවළු තොග ලැබීම ඉහළ යාම නිසා එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් පහත වැටි ඇතැයි වාර්තා වේ. 27 March 2023
වසන්තට එරෙහි නීතිපතිගේ අභියාචනයට දින දෙයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය ලබන 03 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය. 27 March 2023
පොලිස් කොමිසමේ සාමාජිකයින් හරි ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් තෝරාගෙන ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවසීය. 27 March 2023
ඡන්ද තුනම එකට තියන්න ජනාධිපතිවරණය ,මහා මැතිවරණය සහ පුංචි ඡන්දය යන තුනම එකට තැබිය යුතු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. 27 March 2023
ව්‍යාජ නෝට්ටුවක් සමග හිටපු කොස්තාපල් දැලේ මාවනැල්ල ප්‍රදේශයේ මත්පැන් හලකට රුපියල් 1000 ව්‍යාජ නෝට්ටුවක් ලබා දී මත්පැන් බෝතලයක් ලබා ගැනීමත් තැත්කළ හිටපු පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය කියයි. 27 March 2023
‘ලංකා සතොස සේවකයින්ට කෝටි 7 ක බොනස් ‘ ලංකා සතොස ලිමිටඩ් ආයතනයේ සේවකයන් සඳහා 2019 වර්ෂයේදී චක්‍රලේඛවලට පටහැනිව රුපියල් හත් කෝටි හතළිස් හය ලක්ෂයකට වැඩි ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 27 March 2023
සරසවි ඇඳුරෝ විරෝධයේ උපයනවිට බද්දට ඉවත්කරන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (27) උද්ඝෝෂණයක් පැවැත්වීය. 27 March 2023
ඛනිජ තෙල් වෘත්තිය සමිති සත්‍යග්‍රහයක ඛනිජ තෙල් නීතිගත සංස්ථථාව ආණ්ඩුවේ හිතවතුන්ට විකිණීමට සූදානම් වන්නේ යැයි විරෝධය දක්වමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති කොළොන්නාව තෙල් පර්යන්ථයේ දොරටුව අභියස සත්‍යග්‍රහයක් අද (27) පෙරවරුවේ ආරම්භ කළේය. 27 March 2023
ස්වාධීන කොමිෂන් සභා ඉදිරි සති දෙකේදී පුරවනවා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සියල්ල ඉදිරි සති දෙක තුළ පත්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය. 27 March 2023
අහංගම මූදේ- බලන් ’’සර්ෆින්’’ සාදේ ශ්‍රී ලංකාව නැවතත් සංචාරක සීඝ්රයෙන් හිස ඔසවමින් සිටින අතර අහංගම කැබලාන මුහුදු තීරයේදී දින දෙකක් පුරා ’’සර්ෆින්’’ තරගාවලිය රටවල් 25 ක සහභාගීත්වයෙන් පැවැත්වුණ බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 27 March 2023
දේශබන්දුට එරෙහි පෙත්සම විසිවෙයි ගෝඨා ගෝ ගම අරගල සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත් අඩංගුවට ගන්නා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 27 March 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026