(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහත් පොළොව බදා ගත්තා නම් මීට කලින් ජනාධිපති වෙන්න තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
එවැනි දේවල් නොකළ රනිල් ප්‍රමාද වී හෝ රට බාර ගෙන හරි ක්‍රමයට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ගෙනයන බවද රංගෙ බණ්ඩාර මහතා සඳහන් කළේය.
ජනතාවට රනිල් වික්‍රමසිංහ හඳුනාගන්න බැරි වුනේ ඔහු නිවැරදිව හැමදේම කරමින් සිටින නිසා බව එජාප මහලේකම්වරයා කීය.
එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් ඕනෑම මොහොතක ඕනෑම දිස්ත්‍රික්කයක,ආසනයක හෝ වෙනත් රටක ඉන්න කෙනකුට වුවත් පක්ෂය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට වටපිටාව සකසමින් සිටින බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මේ මොකට ඒ හරිය! තොප්පිගල මහා වනයක් විතරයි කියපු හැටි, සාම ගිවිසුමක් කියලා අටමඟලයක් ගහලා අපේ හමුදාව බාල්දු කළ හැටි, මිලේනියම් සිටි පාවාදීම් කරපු හැටි... මතකද? මේරටේ ජනතාවටද රංගේ මේ විහිළු කරන්නේ?
ජනාධිපති වෙන එක වොඩ්කා වතුර කරන එක වගේ ලේසි නෑ මහත්තයෝ...!
රනිල් නම් හොඳයි. පාහරයින් නිසා තමයි මිනිහා වැනසෙන්නේ. අර වොඩ්කා වතුර කරපු මාදිවෙල ඉන්න පුතාත් ඔය වගේම තවත් ගේම් කාරයෙක්...
ඒකනේ...! එයා සුද්දෝ බදාගත්තනේ..!
හොඳයි බටහිරට දත නියවාගෙන ඉන්දියාවට අතපාගෙන ජාතියක් හැටියට නැගිටින්න වුවමනාවක් නැති පක්ෂය විතරක් බදාගෙන ඉන්න අයට. අදීන ජාතියකට ගැලපෙන්නේ නෑ...!
දවස් කිසිපයකට සැරයක් ඇවිල්ලා රනිල්ව වර්ජනය කරන එක තමයි... දැන් වජිරගෙයි, රංගේගෙයි රාජකාරිය... මොකද පින් ජනපතියි, ගෝලයෝ කිහිප දෙනයි බයෙන් ඉන්නේ පිනට හම්බවුණු දේවල් ටික තව ටික කාලෙකින් නැතිවෙයි කියලා...
ඒ ගොනා මසටම වික්කා... ආයෙමත් අපි ඔය බයිලාවලට රැවටෙනවා බොරු...
පොළව බදාගන්න මොකටද ප්‍රමාද කියලයි අපිත් තැවෙන්නේ... යාලුවාගේ කාලෙත් හරිනේ... දෙන්නම එකට පොළොව බදාගන්නකෝ...!
පොළව බදාගෙන තමයි ජනතාව රනිල්ව පාර්ලිමේන්තුවෙන් එළවලා දැම්මේ එක ආසනයක්වත් ලබාගන්න බැරි තරමට...
කට්ටියම පොලොව බදාගන්න දවස ඈතක නොවේ. සූදානම් වෙලා ඉන්න වන්දි භට්ටයින් ටික...!
රාළහාමි, අපේ ගෙදරත් දන්කුඩ ඉතුරුවෙලා තිබුණා කනවා නම්...!
සුද්දෝ එක්කලා එකතුවෙලා ඉන්දියාවට කෙලින්න ගිහින් ලංකාවටම කෙලවපු මේ මිනිහට කොහොමද ඒ තරම් මොලයක් තියෙන්නේ ?රාලහාමිට තේරෙන්නේ නැහැ මේවා එයා ඉන්නේ ගුලි ගිලලා නිසා