(විමුක්ති එස් රුද්‍රිගු)

චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යාන් 6 නෞකාව අද (25) සිට ලබන 28 වැනිදා දක්වා කොළඹ වාරයේ නැංගුරම් ලෑම සඳහා අවසර ලබා දුන් බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

ඒ අනුව ෂි යාන් 6 නෞකාව ඊයේ(25) කොළඹ වරායේ නැංගුරම් ලෑමට නියමිතව තිබිණ.නෞකාවට අවශ්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා ෂි යාන් 6 වෙත මෙම අවසරය ලබා දුන් බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

යම් කිසි හේතුවකින් කොළඹ වාරයේ නැංගුරම් ලෑමට ෂි යාන් 6 ප්‍රමාද වුවහොත් අනෙක් සෑම නෞකාවකට මෙන්ම ෂි යාන් 6 ටද පැය 72 ක සමා කාලයක් හිමි වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

ෂි යාන් 6 විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක් ලෙස චීනය හඳුන්වන අතර පරීක්ෂණ පැවැත්වීම සඳහා 60 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.නමුත් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන කාලය හෝ ෂි යාන් 6 නෞකාවේ ඉදිරි සැලැස්මවල් පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවද විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.