(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා )

ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර පක්ෂ කාර්යාලය පවත්වාගෙන ගිය නිවසේ භූගත බංකර් සකස්කර කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය කළුතර ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු අද (25) අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැව්රිදි පුද්ගලයකි .

රුපියල් 30,000  කට මාසික  කුලියට ලබාගෙන ත්‍රීරෝද යතුරුපැදි අළුත්වැඩියා කිරීම සහ පින්තාරු කිරිම ඇතුළු සේවාවන් සිදුකරන මුවාවෙන් ජාවාරම කරගෙන ගොස් ඇති බවත්  පොලිසිය කීය.

පොලිසියට සැකසිතී පරීක්ෂා කිරීමට පැමිණීමේදී ඉබි යතුරු දමා තිබූ දොරවල් කඩා පරීක්ෂා කිරීමේදී කාමරයක් තුල භුගත බංකරක්ද සකස්කොට නවීන ක්‍රමයට පවත්වාගෙන ගිය කාමරයේ තිබී ගෝඩා මිලිලීටර් ලක්ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් අඩංගු  බැරල් 10 ක්, ප්ලාස්ටික් කෑන් 05 ක්, දගර , ගෑස් ටැංකි ඇතුළු පෙරීමේ උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ .