
(මනෝප්‍රිය ගුණසේකර)
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛාධිකාරීවරියට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට දැනුම් දීම සඳහා ලබන 08 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නොතිසි නිකුත් කළේය.
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛාධිකාරීවරිය අපරධ සිද්ධියට සම්බන්ධ සැකකරුට අදාළ නඩු ගොනුව දී ඇත්තේ රුපියල් ලක්‍ෂයක මුදලකට බව විමර්ශනවලදී හෙළි වු බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව කළ දැනුම් දීමක් සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
නඩු ගොනුවක් අස්ථාන ගතවී ඇති බවට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේම නිලධාරියකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට කළ පැමිණීල්ලකට අනුව කළ විමර්ශනවලින් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛාධිකාරීවරිය සහ අපරධ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd