
(අංජුල මහික වීරරත්න)
මහවැලි කලාපයේ සහ වතුකරයේ මෙතෙක් භාවිතයට නොගත් ඉඩම් අක්කර ලක්ෂ 7 -10ත් අතර ප්‍රමාණය කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දිවයිනේ විවිධ ප්‍රදේශ වල තිබෙන කෘෂිකර්ම පර්යේෂණ ආයතන සියල්ල ඒකාබද්ධ කර කෘෂිකර්ම තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
තායිලන්තය සහ මැලේසියාව වැනි රටවල කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශ ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කරමින් නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා බාහිර විශේෂඥ දැනුම ලබා ගැනීමට ඇති හැකියාව සොයා බලන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (25) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 117 වන වාර්ෂික සැසිය අමතමිනි.
ඉංජිනේරුවෙකු ලෙස රට වෙනුවෙන් ඉටු කරන ලද මහඟු මෙහෙවර අගයමින් ජීවිතයට එක්වරක් පමණක් පිදෙන “විශ්වලිංගම්” සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී ඉංජිනේරු කේ. එල්. එස් සහබන්දු මහතා වෙත පිරිනැමීය.
ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ සභාපති තිලක් ද සිල්වා මහතා විසින් භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කරන ලද “Hand book for Electricians” කෘතිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ආචාර්ය කමල් ලක්සිරි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd