
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අයිස් කීම් විකිනීමේ ජංගම ලොරි රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න කිලෝමීටර් 53 අසලදී අනතුරට ලක්වීමෙන් අඹු සැමි යුවළක් තුවාල ලබා රෝහල් ගත කළ බව කුරුදුගහ හැතැක්ම අධිවේගී රථවාහන පොලිසිය කියයි.
අනතුරට ලක්වූ එම ජංගම රථයෙහි සිටි තුවාල ලද යුවළගේ වයස අවුරුදු දෙක හමාරක කුඩා දරුවාට හාස්කමකින් මෙන් කිසිදු තුවාලයක් සිදුවී නැතැයි පොලිසිය කියයි.
ගම්පහ ප්‍රදේශයෙහි පැවති සැණකෙළි භූමියක අයිස් ක්‍රීම් විකිණීමේ යෙදී සිට අනතුරුව අම්බලන්තොට නිවස කරා කඩවත පිවිසුමෙන් ඇතුළු වී යමින් සිටියදී රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බව පොලීසිය සැකකරයි.
ලොරි රථය මාර්ගයේ වම් පසට ඇදී ගොස් ආරක්ෂිත වැටේ ගැටීමත් සමඟම එහි ඉදිරිපස වම් පස අසුන් ගෙන සිටි රියදුරුගේ බිරිඳ සහ කුඩා දරුවා වාහනෙන් පිටතට විසිවී ඇති අතර අනතුරුව ලොරි රථය පෙරළී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd