
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ප්‍රංශ රිමාන්ඩ් භාරයේ භාරයේ පසුවූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු ලෙස සැලකෙන සිංහාරගේ අමල් ද සිල්වා හෙවත් කුඩු අංජු නැමැත්තා එරට අධිකරණයක් මගින් මුදා හැර ඇති බව සැලවීමෙන් පසු එය සැමරීම සඳහා මත්ද්‍රව්‍ය පානය කර රත්මලාන ප්‍රදේශයේ ස්ථානයක රතිඤ්ඤා දැල්වූ බව කියන පුද්ගලයන් සිවු දෙනෙක් මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකාර පුද්ගලයන් සිව්දෙනා ලඟ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබුණ නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් සිව්දෙනා කුඩු අංජු නැමැත්තාගේසමීපතම ගෝලයින් බව පොලිස් ආරංචි ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd