(යොහාන් භාසුර)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් තනතුර පසුගිය අගෝස්තු මස 27 වැනිදා සිට පුරප්පාඩු වී තිබීම රාජ්‍ය බදු ආදායම නිසි පරිදි අයකර ගැනීමට බාධාවක් වී ඇති බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයෙකු පත්නොකිරීම දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගු සහ සුරාබදු යන දෙපාර්තමේන්තු තුන බිඳවැටීමේ උත්සාහයක් බවත් රේගු, දේශීය ආදායම්,  සුරාබදු වෘත්තිය සමිති එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රට ආර්ථික වශයෙන් බිඳ වැටී දැඩි අර්බුදකාරී තත්වයක් පැවතුණ ද මෙම දෙපාර්තමේන්තු තුන ඉලක්කගත ආදායම් උපයා ඇති බව කී එම වෘත්තීය සමිති එකමුතුව ආර්ථික අර්බුදයෙන් ගැලවීමට බලධාරීන් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති අදාළ දෙපාර්තමේන්තු තුනම මීට පෙර ඉදිරිපත් කළ ද ඒවා ක්‍රියාත්මක නොවූ බව ද සඳහන් කරයි.

රේගු, දේශීය ආදායම් සහ සුරාබදු යන ආයතන බිඳවැටීමට කරන කිසියම් උත්සාහයක අනතුර වැළැක්වීමට වෘත්තීය සමිති එකමුතුව ලෙස ඒකාබද්ධව ක්‍රියා කරන බවත් ජනතාව සියලුම සියලුම අංශ වලින් දැඩි අපහසුතාවකට පත්ව සිටින මෙම අවස්ථාවේදී කාර්යක්ෂම සේවාවක් සැපයීමට සෑම විටම කැපවී කටයුතු කරන බව වෘත්තීය සමිති එකමුතුව එම නිවේදනය හරහා වැඩිදුරටත් සඳහන් කරයි.