(කේ බුද්ධික කුමාරසිරි)
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද (25) දින පැවති නඩු විභාගයකට සහභාගි වී යළි පිටතට පැමිණෙමින් සිටි කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා දමා පළා පළා ගිය පුද්ගලයකු සොයා පරීක්ෂණ ආරම්භ කළ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි
තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඇයගේ තත්වය බරපතල නොවන බව හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය
තමන්ගේ නිවසේ තිබූ පවුම් පහකට ආසන්න රත්‍රං භාණ්ඩ කිහිපයක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් තම සහෝදරයා සැක බවට අදාල කාන්තාව විසින් පාදුක්ක පොලිසියට සිදු කල පැමිණිල්ලක් මත සිදුවන නඩු විභාගයකට පෙනී සිටීම සදහා මෙම කාන්තාව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබිණි.
යළි නිවසට යාම සදහා අධිකරණය ඉදිරිපිට නවත්වා තිබූ තම යතුරු පැදියට නැගීමට යාමේදී එක්වරම ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙලෙස තියුණු ආයුධයකින් ගෙළට ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ පූගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන 35 හැවිරිදි කාන්තාවකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd