ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායක ධුරය රිපබ්ලිකන් සාමාජික මයික් ජොන්සන් ට හිමිවිය.
ඒ සඳහා පැවැති ඡන්ද විමසුමේදී 51 ක් හැවිරිදි මයික් ජොන්සන්ට පක්ෂව ඡන්ද 220 ක් හිමිවුණු අතර, ඔහුට විරෝධය දැක්වූ ගණන 209 කි.
ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය හෙවත් පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය. සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරුන් සතුවය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක ධුරයට සුදුස්සකු තෝරා ගැනීමට සිදුවූයේ එම ධුරයේ කටයුතු කළ කෙවින් මකාති පසුගිය ඔක්තෝබර් 3 වැනිදා විශ්වාසභංගයකින් ඉවත් කළ බැවිනි ඇමෙරිකන් කතානායකවරයකු විශ්වාසභංගයකින් ඉවත් කෙරුණු පළමු අවස්ථාව වූයේ මෙයයයි.
ඉන්පසු කතානායක ධුරයට සුදුස්සකු තේරා ගැනීම සම්බන්ධයෙන් අර්බුදයක් පැවැතිණි.
නව කතානායක ලෙස ධුරයට පත්වුණු මයික් ජොන්සන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිතවාදියකු බව පැවැසෙයි.
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, නව කතානායක ලෙස තේරී පත්වුණු ජොන්සන්ට සුබ පැතුම් එක් කළ බව පැවැසිණි.
(සී.එන්.එන්.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇමෙරිකාවේ නව කතානායක මයික් ජොන්සන්