( ටී.කේ.ජී.කපිල )

2023 වසරේ ලෝකයේ  ශීත ඍතුව ආරම්භ වීමත් සමගම චෙක් ජනරජයේ සිට එරට සංචාරකයන් 252 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් ( Charter Flight ) අද (25) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

මෙම සදහා පෝලන්ත ලොට් ගුවන් සේවයේ ( L.O.T. ) ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානය අද (25) අලුයම 06.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

එහිදී මෙම ගුවන් යානය ජල ආචාර පවත්වා පිළිගැනීම සිදු කළ අතර , මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සාම්ප්‍රදායික නර්තන මගින් පිළි ගෙන ඔවුන් වෙත සමරු ත්‍යාග පිරිනැමීමට ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සහ මෙරට සංචාරක නියෝජිත ආයතන කටයුතු කර තිබුණි

මෙම විශේෂ ගුවන් සේවා යානා එරට ශීත ඍතුව පහව යන තෙක් , එනම් එළඹෙන 2024 වසරේ මාර්තු මස 26 දා තෙක් , චෙක් ජනරජයේ සිට එරට සංචාරකයන් රැගෙන  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .