(ඉන්දිකා   රාමනායක)

මුල්ලේරියාවේ  ව්‍යාපාරිකයකුට දුරකතනයෙන් තර්ජනය කර  රුපියල් ලක්ෂ 20 ක කප්පම් මුදලක් ඉල්ලා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු   අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.
 සැකකරු අංගොඩ දෙල්ගහවත්ත පාරේ පදිංචි (51) හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු  දැනට විදේශ ගතව සිටින  “පෙතියාගොඩ සංඛ” නැමැති අපරාධකරුගේ ගෝලයකු පොලිසිය සඳහන් කරයි.
මෙම  සැකකරු ඉකුත් (19) දින   ඉහත ව්‍යාපාරිකයාට  දුරකතනයෙන් තර්ජනය කර මෙම ලක්ෂ 20 ක කප්පම් මුදල  ඉල්ලා ඇති බව පොලිසිය පවසයි.
සැකකරු  ගේ එම තර්ජනය සම්බන්ධයෙන් ද ව්‍යාපාරිකයා   පොලිසියට පැමිණිළි  කර ඇත.
සැකකරුගේ  දුරකතනය සම්බන්ධයෙන් විශ්ලේෂණය කර එම තොරතුරු මත ලිපිනය  ඔස්සේ  මුල්ලේරියාව දෙල්ගහවත්ත  පාරේ නිවසේ දී කප්පම්කරු  පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත.