ඉන්දියාව සහ කන්කසන්තුරේ බෝට්ටුවෙන් යා කරයි ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය හා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ වරාය අතර මගී යාත්‍රා සේවාව අද සිට ආරම්භ විය. 14 October 2023
දසුන ශානකට ලෝක කුසලානය අහිමිවෙයි? ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලක්නව්දී අනිද්දා (16) පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානකට අහිමි වී තිබේ. 14 October 2023
පොලිස්පතිගේ සේවා දිගුව ව්‍යවස්ථා සභාවට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට සති තුනක සේවා දිගුවක් ලබා දීමට ගත් තීරණයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා ඉදිරි දිනවල යොමු කරනු ලැබීමට නියමිතය 14 October 2023
දුම්රිය සේවක යහ සාධක සංගමයේ අයථා ක්‍රියාකාරකම් රැසක් එළියට ලංකා දුම්රිය සේවක යහ සාධක සංගමයේ මහා සභා රැස්වීම වාහාම පැවැත්වීමට සහ කතරගම ’සුමග’ විශ්‍රාම ශාලාව සම්බන්ධයෙන් විගණනයක් වහාම කිරීමට යහ සාධක සංගමයේ වී ඇතැයි කියන අයතා මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය පැවැත්වූ විගණනයේ වාර්තාවෙන් නිර්දේශ කර තිබේ. 14 October 2023
දූෂණ පනත වෙනස් කෙරෙන ගැසට්ටුව පිටවේ දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එකතු කෙරෙන සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. 14 October 2023
ජනතා විප්ලවයේ උද්ඝෝෂණයක් යක්කලදී ’’නිර්පාක්ෂික නිරායුධ අරගලය ජනතා විප්ලවයක් කරා ’’ යන්න තේමා කරගනිමින් , පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාගේ සහභාගිත්වයෙන් යක්කල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි. 14 October 2023
අයවැය ගැන ’’පේරෙන්’’ හෙළිදරව්වක් මීළඟ අයවැයෙන් අමාත්‍යාංශ 8කට මුළු මුදලින් සියයට 86ක් වැය කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පත අනුව පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය. 14 October 2023
යාපනය ජනාධිපති මන්දිරය බදු දෙයි යහපාලන ආණ්ඩුවට පෙර පැවැති පාලන සමයේ (2010-2015) ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර තිබේ. 14 October 2023
කෘෂිකර්මය දියුණු කරන්න බිල් සහ මිලින්ඩා ගේට්ස් ගිවිසුමක් ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා රජය බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනම සමඟ ගිවිසුමකට අත්සන් කර තිබේ. 14 October 2023
අද සවස දෙකෙන් පසු පළාත් රැසකට තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 October 2023
ප්‍රසන්න විතානගේ ගේ පැරඩයිස් සිනමා පටයට ජාත්‍යාන්තර සම්මානයක් දකුණු කොරියාවේ බුසාන් නගරයේදී අවසන් වූ ‘‘බුසාන් අන්තර් ජාතික සිනමා උළෙලේදී‘‘ ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමනු ලබන ‘‘ජීසොක් අන්තර්ජාතික‘‘ සම්මානය හිමිකර ගැනීමට ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ සමත් වී ඇත. 14 October 2023
ජනපති චීන ගමනින් පසු පරිසර ඇමැති පත් කරයි පරිසර අමාත්‍යවරයා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන සංචාරයෙන් පසුව තීරණය කරනු ඇත. 14 October 2023
නාන්න ගිය අලියා පඩිපෙළින් වැටිලා නවගමුව මාපිටිගම පාලම අසලින් කැළණි ගඟේ දිය නෑවීමට රැගෙන ආ අලියකු අඩි 20 ක් පමණ පහලට ඇද වැටීම හේතුවෙන් දැඩි අසාධ්‍ය තත්වයට පත්ව ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 14 October 2023
ගාසා තීරයේ උතුරු කොටසේ මෙහෙයුම් ඇරැඹේ ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචි පලස්තීනුවන් මිලියන 1.1 ක පිරිසට වහා එම කොටසින් ඉවත් වන්නැයි නියෝග කළ ඊශ්‍රායල හමුදාව, පැය 24 ගෙවී යෑමටත් පෙර සිටම ගාසා තීරයේ උතුරු කොටසේ වැටලීම් ආරම්භ කර තිබේ. 14 October 2023
නවසීලන්තය පිට පිටම තුන්වැනි ජය ලබයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 11 වැනි තරගය ලෙස චෙන්නායිහිදී අද (13) පැවති තරඟයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 8 කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් වූහ. 13 October 2023
ලාන්ස් කෝප්‍රල්ගේ කණ පැලූ මේජර් අත්අඩංගුවට ජීප් රථයේ දොර හයියෙන් වැසුවා යැයි උරණ වී ලාන්ස් කෝප්‍රල්වරයා ගේ කනට පහරදී බරපතළ තුවාල සිදු කළ රත්මලාන බොරුපන කඳවුරේ දෙවන අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන මේජර්වරයකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණු පොලිසිය කියයි . 13 October 2023
ලංවිම ගැන අයි.එම්.එෆ් මතය කියයි විදුලිබල අංශය ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ මතය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා පැවසුවේය. 13 October 2023
පොලිස්පතිට තෙවන වරටත් සේවා දිගුවක් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට අද (13) සිට සති 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. 13 October 2023
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය අත්අඩංගුවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පවා තිබු ගුවන් ගමන් තහනමක් ඉවත් කළ බවට ව්‍යාජ ලේඛණයක් සකස් කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (13) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබ ඇත. 13 October 2023
විශ්වවිද්‍යාල ආචාර්යවරු ජනපති හමුවෙති විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පර්යේෂණ දීමනාව පවතින බදු ප්‍රතිපත්ති වලින් නිදහස් කර ගෙවීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඇති හැකියාව සොයා බලා සති තුනක් ඇතුළත වාර්තා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 13 October 2023
බාල බෙහෙත් ගෙන්නන විකුණන අයට වැඩ වරදියි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන මඟින් ලංකාවට ගෙන ඒමට සම්බන්ධ සියළු දෙනා මෙන්ම එලෙස ගෙන්නු ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් දිවයින පුරා රජයේ රෝහල්වලට බෙදා හැරීමට සම්බන්ධ සියළු දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ (13) රහස් පොලිසියට නියම කළාය. 13 October 2023
ජපාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් ලංකාවේ අරඹයි ජපාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 13 October 2023
වෛද්‍ය සංගමයෙන් ජනපතිට අට වැදෑරුම් යෝජනාවලියක් වත්මන් සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ගත යුතු පියවර ඇතුළත් අට වැදෑරුම් යෝජනාවලියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී තිබේ. 13 October 2023
පින්නදුව-ඉමදූව යළි අරියි රන්ගොඩ කන්ද නාය යාම හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සහ ඉමදූව අතර කොටස වාහන ධාවනය සඳහා අද (13) සවස 6 සිට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එල් ඊ එස් වීරකෝන් මහතා පැවසීය 13 October 2023
ත්‍රස්ත පනත සභාගතවීමේ දී දෝෂ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නීත්‍යානුකූලව සභාගත වී නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය. 13 October 2023
රතන හිමි පක්ෂයෙන් නෙරපීම නීතියට පටහැනියි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්ෂයෙන් නෙරපීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 13 October 2023
හපුතලේ පොලිසියේ දි කතක් ගිනි තබා ගනී හපුතලේ පොලිසියේදී කතක සිරුරට කිසියම් දියරයක් හලාගෙන ගිනි තබාගෙන ඇතැයි පොලිසිය කියයි 13 October 2023
චීනෙන් ධීවරයන්ට නොමිලේ භූමිතෙල් චීන සමූහ ආණ්ඩුවේ ආධාර ඇතිව එක්දින ධීවර ය්‍රාත්‍රා සඳහා නොමිලයේ භූමිතෙල් ලබා දෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි. 13 October 2023
යුද්දයට මැදි වූ ජනතාව වෙනුවෙන් කොළඹදී විරෝධතාවක් පලස්තීන සහ ඊශ්‍රායල වැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන ලෙස ඉල්ලමින් නව ජනතා පෙරමුණ මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විණ. 13 October 2023
බාල බෙහෙත් කෝටි 15ක් වතුරේ යවලා ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවූ ඖෂධ හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට 2022 වර්ෂයේදී රුපියල් කෝටි 15 කට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 13 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026