(ගයාන් සූරියආරච්චි)
මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (8) පැවැසුවේය.
කොටහේන පරමානන්ද විහාරස්ථානයේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ සහ ප්‍රතිකාර කිරීමේ ‘සුවසාර කැදැල්ල‘ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවැසුවේය.
එහිදී අමාත්‍යවරයා පැවැසුවේ කොතෙකුත් බාධක පැමිණියද කෙසේ හෝ මේරට පාතාලයන්ගෙන් බේරාගැනීමට සැලසුම් කර ඇති බවය.
පොලිසිය ගෙනයන මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කිරීමේ වැඩපිළිවලට අකමැති පුද්ගලයන් එය කඩාකප්පල් කිරීම සදහා කළ හැකි සෑම දේම සිදුකරන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා විසින් උත්සවයකදී කළ කතාවක් හේතුවෙන් කුඩු ජාවාරම්කරුවන්ට සම්බන්ධ පිරිස තමාට අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙන්නැයි පවසන බවත් අමාත්‍යවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ට ලැජ්ජාවක් තියෙනවනම් ඉල්ලා අස්වෙලා ගෙදරයන්න ඕන ගුවන්තොටුපලේ හොරකම එලිවෙච්ච දවසෙ, අර තරුණයට උපහාර වෙනින ඔින. මෙයා පන්සල් ගානෙ පොලීසිවල රැස්වීම් තියල කියන බයිල, මෙයා මාකට් කර ගන්නව ,තමුන්ගෙ ඇමතිකමේ හැටියට ලැජ්ජ නැද්ද අස්වෙනව කියන උන් අල්ලල හිර නොකරනවට
සමහරවිට වීසා ගාස්තුව වැඩි කරන්න ඇත්තෙත් පිටරටින් කුඩු ගේන එක නවත්වන්න වෙනින බැරිද කියල හිතෙන්නෙ මටම විතරද ?
රටේ ආරක්ෂාව භාර ඉන්න ඇමති කෙනෙක් මෙහෙම කියනවා කියන්නේ ලැජ්ජා වෙන්න ඕනේ. එහෙම කියන උන්ව අල්ලන්න බැරිනම් මොකටද ඔය තනතුර
ලැජ්ජාවක් කියල දෙයක් දෙමාපියන්ගේන් උරුම වෙලා තියෙනව නම් තවත් බයිල නොගහ තනතුරු වලින් අයින් වෙලා ගෙදර යන්න ඕනේ
මේරටේ හිටපු ලොකුම මිනීමරු , ආයුධ ජාවාරම් කාරයා තමයි ප්රභාකරන් කියන්නේ. ඒ ජාමාරම් කාරයාට රටේ ජනතාවගෙන් බැසිල් හොරකම් කරපු රුපියල් මිලියන 600ක් ගෙනිහින් දුන්න පාවාදෙන්නා තමයි ටිරාන් කියන්නේ.එහෙම එකෙකුට ජාතික ආරක්ෂාව භාර ඇමතිකම දුන්න මෝඩයා මුලින්ම අංගොඩ පිස්සන් කොටුවට හෝ බන්ධනාගාරයට දැක්කවිය යුතුයි. සුදු කොන්ඩයා ටිරාන්ගේ ලිපිනය තව මාස කිහිපයකින් වෙනස්වෙනවා. අලුත් ලිපිනය බන්ධනාගාරය,තණමල්විල, කියලා ලියාගන්නකෝ.
මුලු රටේම දරුවන් වනසන කුඩු ගේන පාතාලයන් විනාශ කල යුතුයි,රටේම දෙමව්පියන් ඔබ ,පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාව සමගයි
අපි ඔයා ගැන දන්නවා
මෙයා ලංකාවේ ඉන්න නොම්මර එකේ ජාවාරම්කාරයෙක් ඩීල් කාරයෙක් බව රහසක් නෙවේ.මෙහෙම අය රට පාලනය කරන නිසා තමයි රට මේ තත්වයට වැටිලා තියෙන්නේ
තාම එක මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්වත් උසාවි දාලා දඬුවම් දීලා නෑ. ඒකෙන්ම තේරෙනවා ඔය කරන්නේ බොරු මාධ්‍ය සංදර්ශනයක් කියලා.
මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පමණක් නොවෙයි රටේ බහුතර ජනතාව ඉල්ලා සිටින්නේ මෙවන් තක්කඩියන් ගෙදර යවන්න කියලා
බලපෑම් වලට බයවෙලා ආරක්ෂක ඇමතිකම් කරන්න බැහැ නේද ඇමතිතුමෝ. ඒවාට පිළියම් තිබෙනවා.
මොකා මොන බලපාම් කරත් ඔය සේරම උන්ව විනාස කරලා දාන්න ඕනා රටේ අහිංසක ජනතාව බේරගන්න නම්. කාටවත් බයේ ඇමැතිකමෙන් අයින් වෙන්න ඕනේ
ඔය එක එකා කියන නිසා නෙමෙයි කොටින් ට සල්ලි දුන්නා නේද ?අන්න ඒක ගැන හිතලා අයින් වෙන්න
කොටින්ට සල්ලි දීලා රට විනාශ කරන්න දායක වෙච්ච කෙනෙක් පොලිසිය බාර ඇමැති වෙලා ඉන්නවා. මානව හිමිකම් කඩලා, ලංකාවේ ඉහළම අධිකරණයෙන් දඬුවම් ලබාපු කෙනෙක් පොලිස්පති වෙලා ඉන්නවා. ඒ දෙන්නාගේ කෙරුවාවල් එයින්ම පැහැදිලි වෙනවා.
දූෂිත පවුල් පාලනේ සරණ ගිය අයට අන්තිමට සිද්ද වෙන දේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මහින්දගේ ඕනෑකමට. කොටින්ට පගාව දීලා උතුරේ ඡන්දේ වැළැක්වීමට දායක වුණා...