
(ආරියරත්න රණබාහු)
විදුලි බිල අඩු කිරීමේ යෝජනා අනිද්දාට (10)පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.
එම අදාළ යෝජනා මේ මස 1 වැනි දා ලබා දිය යුතුව තිබුණද විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව මෙසේ එම කාලය දීර්ඝ කළ බව උපයෝගිතා කොමිසමේ ප්රකාශයෙක් පැවසීය.
එම යෝජනා ලැබීමෙන් පසුව විදුලි බිල අඩු කිරීම සඳහා වන ක්රියාදාමය ආරම්භ කරන බව කී එම ප්රකාශකයා ඒ අනුව විදුලි බිල අඩු කිරීමේ ප්රතිශතය ලබන ජූලි මාසයේදී ප්රකාශ කළ හැකි වෙතයිද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලිබල මණ්ඩලයේ ඉන්න දූෂිත නිලධාරීන් ගෙදර යවලා, ඔය කොමිසම වහල දාලා, ඇමැතියාවත් ගෙදරටම දක්කපුවාම මාසිකව ඉතුරුවෙන මුදල් ටික, විදුලි බිල අඩුකරන්න යොදවන්න.
මැතිවරණ ළග නිසා දේශපාලකයින් සහ ඔවුන්ගේ අතකොලු නිලධාරීන් දැන් ජනතාවට සහන සලසන්න ක්රියාත්මක වෙමෙන් පවතී
ලයිට් බිල් අඩුකරන්න කටයුතු කරනවා වගේම නොදන්නවා ක්ෂනිකව විසන්ධි කිරීම නතර කරන්න කියලා මතක් කරන්න කැමතියි දුර බැහැර සේවයේ යෙදීමට තියෙන අය උදේම (සමහර විට තුනට පමණ ) නැගිටලා බලද්දි විදුලිය විසංධි කරල තියෙනවා පිට පිටම දෙතුන් දිනක් එහෙම කලාම මොකක්ද කරන්න පුළුවන් හැමදාම ලයිට් නැහැ කියලා නිවාඩු අනුමත කරන්නෙ නැහැ ඊළඟට පැයකට දෙතුන්වරක් විදුලිය විසංධිකිරීම වෙනවා දැනුම් දෙන්න දුරකථන අංක දන්නෙ නැහැ විදුලි මාර්ග එළි කරන්න මාසෙකට වරක්වත් විසංධිකිරීමට කටයුතු කලත් කිසිදාක නිවාස වෙතට විදුලිය සම්බන්ධ කරන ස්ථානයේ රැහැන් පරීක්ෂා කරන්නෙ නැහැ ඒවා ගැනත් අවධානයට ගන්නවා නම් හොදයි