
(ගයාන් සූරියආරච්චි)
රැසියානු-යුක්රේන් යුද්ධය සදහා මෙරට විශ්‍රාමික හමුදා නිලධාරින් කුලී හේවායන් ලෙස එරටට යවා මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු බව කියන හිටපු මේජර් ජනරාල්වරයෙක් සහ ඔහුට සහාය දුන් හිටපු සාජන් මේජර්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළඳාම්ල ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 67 සහ 50 වියේ පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පසුවන හිටපු මේජර් ජෙනරාල්වරයකු සහ හිටපු යුද හමුදා සාජන් මේජර්වරයෙකි.
මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මීට පෙරද මේජර්වරයකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දැනට රිමාන්ඩ් භාරයේ සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි මිනිස් වෙළඳාම්ල ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම රණවිරුවෝ දඩයම් කරනවා කියන සෙට් එක එළි බැහැලා නෑ නේද
කුරුණෑගල කියන්නේ මෝඩ මීහරක් ජීවත් වෙන පළාතක් .හොඳම උදාහරණය නාකි මයිනා ජන්දෙ ඉල්ලන්න කුරුණෑගලම තෝරා ගැනීම, රේන්ද ජොනියා සෑම ඡන්දයකින්ම පාර්ලිමේන්තුවට පැමිණීම.
මිනිස්සු කැමැත්තෙන් ගියානම් මොනවාද තියන ප්‍රශ්න