(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හොර පාරෙන් විදේශයන්හි රැකියාවන්ට ගොස් අමාරුවේ වැටුන විට ඔවුන් බේරා ගැනීමට රජයක් හැටියට කළ හැකි දේ සීමිත යැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
විවෘත වීසා හෝ සංචාරක වීසා මත විදේශ රැකියාවන්ට නොගොස් වලංගු ගිවිසුමක් මත නිත්‍යානුකූල ක්‍රමවේදය අනුව විදේශ රැකියාවන් සඳහා පිටව යන්නැයි මේ රටේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.
විදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව් එම්බසිවලින් කරන උදව් ගැනනම් කියලා වැඩක් නෑ...
ඉතාලියේ සිටින නෑයෝ සහ යහළුවන්ගේ අනුදැනුම මත කෙසේ හෝ ඉතාලියට පැනගන්න. මෙහේ රැකියා ඇත සහ ඉතාලියට පැමිණි බහුතරයක් ලංකාවේ කෝටිපතියන් වී ඇත...!
අපොයි ඔව් හරි පාරෙන් ගිහින් අමාරුවේ වැටුන අයට මුන් පිහිට උනානේ ,නිකන් යන්න ඇමතියෝ යන්න
හොර පාරෙන් රට ගිහිල්ලා අමාරුවේ වැටිලා, පිරමිඩ වල සල්ලි දාලා, වැඩි පොලියට හොර මුල්‍ය ආයතන වල සල්ලි දාලා කෙලෝගෙන රජයට කියනවා බේරා දෙන්න කියලා. රජය ඔව්වට මැදිහත් විය යුතූ නැහැ.
කොච්චර අවවාද කලත් සල්ලි තියන මෝඩයෝ පිරිසක් ඉන්නවා.එවැනි අවවාද නොතකා සල්ලි දීලා අමාරුවේ වැටිලා ලැජ්ජා නැතිව තමන් කරපු ගොන් වැඩේ ගැන මාධ්‍ය ඉස්සරහා කියවනවා