
(කේ බුද්ධික කුමාරසිරි)
මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ "එළවළු දන්සැලක්" මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඇතුලු එළවළු ව්‍යාපාරික සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයකම හිමිකරුවෙකු වන ව්‍යාපාරික ආනන්ද විජේරත්න මහතා තෙවෙනි වතාවට මෙම එළවළු දන්සල සංවිධානය කර තිබුණි.
දන්සල තිබූ ස්ථානයේ සිට මහරගම දෙසට කිලෝ මීටර දෙකකට ආසන්න දුරක් මාර්ගය අයිනේ ජනතාව පෝලිම් ගැසී සිටින ආකාරය ද දක්නට ලැබුණි.
කොවිඩ් වසංගත සමයේදී රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමැති එළවළු තොගයක් හෝමාගම ප්‍රදේශයේ ජනතාවට බෙදාදීමත් පසුව වසර දෙකකට පමණ පෙර කොට්ටාව ප්‍රදේශයේ දී අට දහසකට ආසන්න ජනතාවක් වෙනුවෙන් ඒ ආකාරයෙන්ම එළවළු පරිත්‍යාග කිරීම සිදු කර තිබුණි
මහා සංඝරත්නයේ ආශිර්වාද මත සවස 4 ට පමණ දන්සැලෙහි කටයුතු ආරම්භ කල අතර එළවළු ලබා ගැනීම සදහා එදන්සල පැවැත්වෙන ස්ථානයට ජනතාව දහවල් 11 සිටම පැමිණ පෙළ ගැසී සිටි ආකාරයක් දක්නට ලැබුණු අතර මධ්‍යම රාත්‍රි වනතුරුත් මෙම එළවළු දන්සැල පවත්වන බව ව්‍යාපාරික ආනන්ද විජේරත්න මහතා පැවසීය.
මෙහිදී එක් අයෙකුට එළවළු වර්ග 16 ක් අඩංගු පාර්සලයක් ලබා දීමට කටයුතු කල බවත් දන්සැල සදහා රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් වැය වෙන්නට ඇති බවට තමන් සිතන බවත් ඒ පිළිබදව වැය වූ මුදල ගණනය කල නොකල බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රමුඛ ආරාධිතයින් රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට මොකද නම් දරාපු අපරාධකාරයෙකුව සම්බන්ධ කරගත්තේ ?
ඔබට ජය
කිසිවෙකුට කිසිම දෙයක් නොමිලේ දිය යුතු නෑ. හිඟන මානසිකත්වය නැතිකිරීම සියල්ලටම වඩා වැදගත්. පින් පිණිස කියල කරන දේවල් බොහෝවිට අපතේ යනව.ඒක අපරාධයක්.මේ දෙන දේ ගන්න කාලය වැයකර පෝලිම්වල ලගින අය ගැන වෙනම සමීක්ෂණයක් කරල බලන්න. තත්ත්වය තේරෙයි.
දුෂ්කර ගම් පළාත්වල එදා වේලවත් හොයා ගන්ඩ බැරි, කන්ඩ බොන්ඩ නැති අසරණ පවුල් ඕනෑතරම් ඉන්නවා.