
(සුමිත් පොතුපිටිය)
කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ පලාගොස් ඇත්තේ වද්දුව, දෙල්දුව, දෑවිරුගම ප්‍රදේශයේ පදිංචි රැදවියකු බව සදහන් වේ.
රැදවියා හෙරොයින් මත්කුඩු මිලිග්‍රැම් 2300 ක් සන්තකයේ තබාගෙන සිටියදී දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අප්‍රේල් 29 දා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට ඇති බව පැවසේ.
රැඳවියා තවත් රැදවියකුගේ පහරදීමකට ලක්ව පසුගිය 06 දා රෝහල් ගතකර සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
රැදවියා බන්ධනාගාර නිළධාරීන් භාරයේ කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර , වැසිකිලියට යන බව පවසා එහි ජනේලයෙන් පැනගොස් ඇති බවද සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd