
(මනෝප්‍රිය ගුණසේකර සහ ගයාන් සුරිආරච්චි)
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා රහස් පොලිසිය විසින් රාත්‍රීයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් පැය 11 ක පමණ කාලයක් පුරා ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව රහස් පොලිස් නිලධාරීන් විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියේ පෙනී සිට ප්‍රකාශයක් දීමෙන් අනතුරුව රහස් පොලිස් නිලධාරීන් විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.
රහස් පොලිසිය කළ කැඳවීමකට අනුව ඊයේ උදෑසන 09.00ට පමණ රහස් පොලිසිය හමුවේ පෙනී සිටි වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගෙන් සිද්ධියට අදාළව හෙළි කරගත යුතු කරුණු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් රාත්‍රී 9.00 පමණ දක්වා ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලකට අනුව රරහස් පොලිසිය මෙම විමර්ශන ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැනේ?
මානුෂිය හැගීම් නොමැති, ආත්මගරුත්වය පිලිබදව කිසිදු තැකීමක් නොකරන ආත්මය මුදලට පාවාදෙන මිනිස්සු. මෙවැනි සොරකම් කොපමණ සිදුවෙනවා ද ?
ක්‍රමයෙන් නිළධාරින් නොබියව නීතිය ක්‍රියාත්මක කරන බව පෙනේ. උසාවිය දුන් නියෝගයෙන් පන්නරයක් ලබා නොබියව කටයුතු කරන්න. ජනතාව ඔබ සමගයි. ගුවන්තොටේ නොබියව කතා කල තරුණයා, ඊයෙ දුන් නඩු තීන්දුව, සහ මෙම ක්‍රියාව සියලුම ප්‍රගතිශීලී ජනතාවට උත්තේජනයකි.ජයවේවා
මේ වගේ වංචාකාරයෝ ගෞවරවනීය වෛද්‍ය සේවයටත් නිගාවක්
මේ වගේ එවූන් ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි. රෝගීන් කොච්චර මැරිලා ඇත්ද ඔය බෙහෙත් පාවිච්චි කරල.
එල්ලුම් ගස් යවන්න ඕන මීනිමැරුම් චෝදනා යටතේ
මේ වගේ එවුන්ව හිටවලා පස් ගහල මරන්න ඕන අහිංසක රෝගීන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරාට.
මේකත් ඡන්දේ බලාගෙන යන තවත් එක අතක නාට්‍යයක් විතරයි
මොහු වරදකරුවෙක්ද? නැද්ද? යන්න අප නොදනිමු. නමුත් මෙවැනි තැනකට ඔහු යොමුවීම පිටුපස රටේ දේශපාලඥයින් සිටින බව නම් ස්ථීරය. එම නිසා මෙවැනි තත්වයන් සදහා නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම රටක් වශයෙන් ඉතා වැදගත් කාරණයකි. හැබැයි තෝරාගත් කිහිපයක් සදහා පමණක් මෙසේ ක්‍රියාත්මක නොවී සෑම සියළු කේෂත්‍රයක් සදහාම මෙලෙස නීතිය ක්‍රියාත්මක වියයුතුය.
කිසිම ලැජ්ජාවක් නැති පිරිසක්...
හොද වැඩේ මේකට. අමු හොරෙක්. මුන් තමයි සිංහ හම පොරවා ගත්තෝ
මේ අය සියල්ලටම සමූහ ඝාතන චෝදනා ගොනු කරන්න.
මෙයාව අත්අඩංගුවට ගත්තා කියලා කෙහෙලියට එපානම් දෙන්න එපා
මූ වගේ කාලකන්නි ප්‍රසිද්ධ ස්ථානවල එල්ලා මරන්න ඕනේ.කාලකන්නි ,අනික අර කෙහෙළිය කියන පට්ට හොරා
කිසිදු තරාතිරමක් සමාජ තත්ත්වයන් හෝ දේශපාලන බලය නොතකා නීති මගින් කටයුතු කළ යුතුය .එසේම මෙවැනි දේශද්‍රෝහීන් එල්ලා මැරීමට නීති සම්පාදනය කළ යුතය..