යාපනයේ අක්කර 700ක ’’ඩොලර් ගස්’’ වගා කරයි අපනයනය ඉලක්ක කර ගනිමින් යාපනයේ ඇඹුල් කෙසෙල් අක්කර 200ක් සහ TEJC අඹ අක්කර 500ක වගා ව්‍යපෘති ඉතා සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 16 October 2023
බොරු මැණික් පෙන්වා පුද්ගලයින් රැවටු යුවළක් දැලේ හොරණ නගරයේ සැරිසරමින් මැණික් ගල් යැයි පවසා විවිධ පාටින් යුත් ගල් පෙන්වා පුද්ගලයන් රැසක් රවටා රන් භාණ්ඩ වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 16 October 2023
පෞරාණික බුදු පිළිමයක් අලෙවි කරන්න ගිය දෙකක් දැලේ පෞරාණික වටිනාකමක් ඇතැයි සැලකෙන රන් පැහැති බුදු පිළිමයක් රුපියල්13,000,000 මුදලකට අලෙවි කිරීමට උත්සහ කළේ යැයි කියන පුද්ගලයින් දෙදෙනෙකු පූනෑව පරණ හල්මිල්ලෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 16 October 2023
හමාස් සංවිධානය කියන්නේ පලස්තීනය නොවේ - අබ්බාස් ගාසා තීරයේ හමාස් සංවිධානය, සමස්ත පලස්තීනය නියෝජනය නොකරන බව පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමද් අබ්බාස් අවධාරණය කර තිබේ. 16 October 2023
ගාසා තීරය අත්පත් කරගැනීම වරදක් වේවි - බයිඩන් ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට තමන් සහාය දෙන නමුත්, ගාසා සටන්කාමීන්ට පහර දෙන මුවාවෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ පළාත් අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නේ නම්, එය ‘බරපතල වරදක් වේවි’ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 16 October 2023
ගිනි තබාගත් අයෙක් බේරන්න ගිය පොලිස් නිලධාරීන්ටත් තුවාල වාලච්චෙන මාන්චෝලේ පාසැල පාරේ පිහිටි නිවසක සිරුරට ගිනි තබාගෙන සිටි බව කියන පුද්ගලයෙකු මුදා ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙත ගිනි තබා ගත් පුද්ගලයා කඩාපැන බදා ගත් නිසා එම පොලිස් නිලධාරීන් දෙදෙනා ද පිලිස්සුම් තුවාල ලැබූ බව වාලච්චේන පොලිසිය පවසයි. 16 October 2023
හොරෙන් මාළු ඇල්ලූ ඉන්දීය ධීවරයෝ කොටුවෙති තලෙයිමන්නාරම මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිරත ව සිටි බව කියන ඉන්දීය ධීවරයන්15 දෙනෙකු ඔවුන් පැමිණි බහුදින යාත්‍රා දෙකක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 16 October 2023
තවත් වෙඩික්කරුවකු වෙඩි කා නසී රාගම පොල්පිතිමූකලානේ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට ඉකුත් පස්වැනි වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව කියන වෙඩික්කරුවකු අත්අඩංගුවට ගැනීමට අද අලුයම් කාලයේ පොලිසිය ගිය අවස්ථාවේ පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී සැකකරු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 16 October 2023
සැක රන් බෝල සමග හතරක් අත්අඩංගුවට දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොක්මාදුව පිවිසුමේ රථ වාහන පරික්ෂා කිරිමේ රාජකාරියෙහි යෙදි සිටි විශේෂ කාර්ය බළකා නිලධාරින් මෝටර රථයක තිබි සැකකට යුතු රන් ආලේපිත කුඩා ප්‍රමාණයේ බෝල 949 ක් සමග මෝටර් රථයේ ගමන්ගත් සිව් දෙනකු අත් අංගුවට ගෙන ඇත. 16 October 2023
බොහෝ ප්‍රදේශවලට සවස දෙකෙන් පසු තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 October 2023
ජනපති රාජ්‍ය ඇමැතිවරුන්ට වැඩ පවරා රට යයි චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 3 වන “එක් තීරයක් - එක් මාවතක්” සමුළුව සඳහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව ගියේය. 16 October 2023
උප්පරවැට්ටි දමා ඡන්දය කල් දැම්මොත් බලා ගෙනයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සහ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බව පවසමින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කළහොත් ඊට එරෙහිව එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ තීරණය කර ඇත. 15 October 2023
සෞඛ්‍ය ලේකම් ධූරයට ලොකු තරඟයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ලබන මාසයේ විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින් සෞඛ්‍ය ලේකම් ධුරය සඳහා දැඩි තරගයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. 15 October 2023
දයාසිරිට උප සභාපතිධූරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කරනු ලැබූ දයාසිරි ජයසේකර මහතාට ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබා දීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 15 October 2023
ලෝයර්ගේ ගේ බින්ද දෙකක් මාට්ටු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරියකට අයුත් පින්වත්ත බෝධිරුක්කාරාම පාරේ පිහිටි නිවසට ඇතුළුවී විදේශ මුදල් නෝට්ටු , ගෑස් සිලින්ඩර ඇතුළු උපකරණ සොරකම් කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි . 15 October 2023
මම වෙනස් වෙන්නේ නෑ - කුසල් මෙන්ඩිස් නායකත්වය ලැබුණද වෙනස්වීමට කැමැත්තක් නොමැති බවත් පසුගිය තරඟවලදී පන්දුවට පහරදුන් ආකාරයටම පිතිහරඹයේ යෙදීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක කුසල් මෙන්ඩිස් අද (15) පස්වරුවේ පැවසීය. 15 October 2023
ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ එංගලන්තය පරදවති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 13 වැනි තරගය ලෙස දිල්ලිහිදී අද (15) පැවති තරගයේදී ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ ලකුණු 69 කින් ප්‍රබල එංගලන්ත පිල පරාජය කරමින් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ. 15 October 2023
පස් කන්ද ගොඩනැගිල්ල බිමට සමතලා කරයි බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයේ දී අද (15) පස්වරුවේ විශාල පස්කන්දක් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඒ අසල නවතා තබා ලොරි රථ දෙකකට , කැබ් රථයකට බරපතළ ලෙස අලාභහානි වී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි . 15 October 2023
දින තුනේ දුම්රිය ගමනට කෝටි 22 ක් කාලා ශ්‍රී ලංකා රජය විදේශ ණය වශයෙන් ගන්නා ලද රුපියල් කෝටි විසි දෙකකට වැඩි මුදලක් අනුරාධපුර සිට මිහින්තලේ දක්වා වෙනම දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා වියදම් කිරීම ප්රශ්නකාරී බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 15 October 2023
නීති විරෝධිව ඊශ්‍රායලයට ඇතුළුවූ කාන්තාවන් දෙදෙනා බන්ධනාගාරයේ ජෝර්දාන දේශ සීමාව හරහා නීති විරෝධීව ඊශ්රායාලයට ඇතුළුවීම හේතුවෙන් අත් අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බවට තහවුරු වූ බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 15 October 2023
යාපනයේ ගොවීන්ට ’’පාට් දාන’’ කල්ලියක් යාපනය දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක් සම්බන්ධව වාර්තා වී ඇති බැවින් එම පිරිස වහාම අත් අඩංගුවට ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා යාපනය පොලිස් ප්‍රධානීන්ට අද (15) උපදෙස් දුන්නේය. 15 October 2023
දුම්රිය ප්‍රධාන නියාමක-පාලම් පරීක්ෂක හොදටම ගහගෙන කොටුව සිට මහනුවර බලා අද පස්වරුවේදී පිටත්වීමට නියමිත දුම්රියේ ප්‍රධාන නියාමකවරයා හා දුම්රිය පාලම් පරීක්ෂකවරයෙකු අතර ගැටුමක් ඇති වී ඇතැයි දුම්රිය ආරංචි මාර්ග පවසයි. 15 October 2023
ඉදල්ගස්හින්න - හපුතලේ අතර රේල් පාරට ගලක් පෙරලෙයි උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සහ හපුතලේ දුම්රිය ස්ථාන දෙක අතර ප්‍රදේශයට ගලක් පෙරළීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය. 15 October 2023
බණ්ඩාරවෙල දරුවන් ගැන කලාපෙන් ගත් තීරණය බණ්ඩාරවෙල පාසල්වලට දරුවන් පැමිණිමට පෙර පාසල් බිම හා ගොඩනැගිලි පූර්ව පරීක්ෂාවට ලක් කර ආපදා තත්ත්වයක් නොමැති බව තහවුරු කර ගැනීමෙන් පසු පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස බණ්ඩාරවෙල පාසල් 144 ක විදුහල්පතිවරුන්ට දැන් වු බව බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්යක්ෂ ධම්මික හේරත් මහතා පැවසීය . 15 October 2023
තරුණියට පහරදුන් යුවළ පොලිසියට මාට්ටු සේවා ස්ථානයක් තුළ දී තරුණියකට අමානුෂීක අතින් පයින් හා පුටුවලින් පහර දුන් අඹුසැමි යුවළක් අද (15) කදාන ආනියාකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කදාන පොලිසිය පවසයි. 15 October 2023
අයවැයෙන් රජයේ සේවකයන්ට පඩි වැඩිවීමක්? ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 15 October 2023
අරගලය ඉල්ලූ වෙනසට එජාප සම්මේලනයෙන් මුල පුරනවා අරගලය ඉල්ලූ වෙනසට මුල පුරන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ලබන සෙනසුරාදා (21)පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 15 October 2023
බණ්ඩාරවෙල නගරය ජලයෙන් යට වෙයි පවතින අධික වර්ෂාවත් සමඟ අද (15) බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවිය. 15 October 2023
උඩරට දුම්රිය ගමනාගමනයට බාධා මාධ්‍යම කඳුකර ප්‍රදේශයයේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ වටවල හා ගලබඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා මතු වී තිබේ. 15 October 2023
කොත්මලේ වෑතලාව ගමේ පොළව යට අමුතු ශබ්ධයක් කොත්මලේ, වෑතලාව ගම්මානයේ පොළව අභ්යන්ත්රයේ පවතින බවට ගම්මුන් පවසන අසාමාන්‍ය ශබිධයක් එම ගම්මානයේ පවුල් 50 ක පමණ පිරිසක් රාත්‍රි කාලයට පමණක් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට අද (15) සිට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවැසීය. 15 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026