
(බී.ජී. චතුරංග)
මිහින්තලේ කසමඩුව ගම්මානයට කඩා වැදුණු තනි අලියකු, නිවාස දෙකක් සහ වී මෝලක්, වී ගබඩාවක් කඩා විනාශ කර දමා ඇති බව කසමඩුව ගම්වාසීහු පැවසූහ.
මෙම වන අලියා වී ගබඩා කර තිබෙන ගෙවල් හා වීමෝල්, වී ගබඩා තිබෙන භූමිවලට පමණක් ඇතුළු වී මෙම විනාශයන් සිදු කර තිබූ බව ඔවුහු කියති.
නිවාස දෙකක ජනෙල් දොරවල් කඩා දමා, වී තොග කාදමා ඇති එම වන අලියා එක් නිවසක වී ගෝනියක් රැගෙන ගොස් ඇති බවත්, තවත් නිවසක් තුලට ඇතුළු වීම සඳහා එම නිවසේ ස්ථාන පහක් කඩා බිඳ, උත්සාහ දරා ඇති බවද ගම්වාසීහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකද්ද? මෙහේ වඳ බැහැපු තනි අලියෙක් රටක්ම නසනවා.
තනි අලි කොහොමත් ඔහොම තමා . වනසනවා මිසක් වෙන දෙයක් කරන්න දන්නේ නෑ . කාලකන්නි තනි අලියා මකබවිලයමට තව ටිකදවසයි