
(ලාල් එස් කුමාර)
මෝදක ගුලි අලෙවි කළේ යැයි කියන සිංහල බෙහෙත් බඩු වෙළඳසල් හිමියා අත් අඩංගුවට නොගෙන මුදා හැරීමට රුපියල් ලක්ෂ එක හමාරක් ගත් බව කියන පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මාබිම හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වෙළඳසල් හිමියකු සපුගස්කන්ද පොලිසියට කළ පැමිණිල්ලකට අනුව එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
සිංහල බෙහෙත් බඩු වෙළඳසලට පැමිණි පොලිස් නිලධාරීන් තිදෙනා එම වෙළඳසල සහ නිවස පරීක්ෂා කර එහි තිබුනේ යැයි කියන මෝදක ගුලි සහිත බෝතලයක් රැගෙන පැමිණිලිකරු අත්අඩංගුවට ගැනීමට තැත් කර ඇතැයිද , අනතුරුව එසේ නොකිරීමට නම් රුපියල් එක් ලක්ෂ පනස් දාහක් ඉල්ලා ඇත . එහිදී සැකකරු එම මුදල බැංකු කාඩ් පතකින් ලබාදී ඇතැයි පැවසේ
එම එම පැමිණිල්ලට අනුව කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තුමාගේ නියෝගය පරිදි කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කප්පම් ඇමැතිගේ දිස්ත්‍රික්කයේ තමයි මෙම සිද්ධිය වෙලා තියන්නේ... කප්පම් ඇමැතිගේ ගොලයෝද දන්නේ නැහැ...?
තමන්ගේ ගමේම පොලිසියේ රාජකාරි කරන උත්තමයින් නගරයේ සිංහල බෙහෙත් කඩවල ගැවසීම අනන්තවත් දකින්නට පුළුවන්.. සමහර ප්‍රදේශවල තෙල් බෙහෙත් කුප්පි කීපයක් තියාගෙන මාසිකව ලොකු කුලියක් ගෙවාගෙන කාන්තාවන් සේවයේ යොදාගෙන සිටින තැන් තියෙනවා. කෙනෙක් ගිහිල්ලා බෙහෙත් ඉල්ලුවාම ඒක මොනවට ගන්න බෙහෙතක්ද අහනවා. බොහෝවිට එහෙම බෙහෙත් නැහැ. කිව්වාට මගී ප්‍රවාහන බස් නවතාගෙන නිතරම මොනවද ගෙන යනවා පේනවා. 99 මාර්ගයේ රෝහල් හංදියේම ගලකට හිරවූ බෙහෙත් කඩේ ගැන බලන්න...