
(සුජිත් හේවාජුලිගේ)
යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්වයට පත් වූ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ට වයස 55 සම්පූර්ණවීමෙන් පසු අහිමි වූ වැටුප නැවත ලබාදීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ අවධානය යොමුවී ඇත.
යුද්ධයේදී මියගිය සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්ගේ ළඟම ඥාතීන්ට සහ යුද්ධය හේතුවෙන් පූර්ණ ආබාධිත තත්වයට පත්වූ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්ට වයස 55 සම්පූර්ණ වන තෙක් වැටුප් හිමිවිය. වයස 55 සම්පූර්ණවීම සමග ඔවුනට වැටුපක් හෝ විශ්‍රාම වැටුපක් නොලැබීමෙන් අපහසුතාවයට පත්ව සිටින බවට කරුණු අනාවරණය වීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයා එම තත්වය නිවැරදි කිරීමට උත්සාහ දරමින් සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ගේ මෙම දීමනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු එය ලබාදීමට ජනාධිපතිවරයාගේද ඉහළ අවධානය යොමුවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සහ සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂක එයාර් වයිස් මාෂල් රොෂාන් බියන්විල මහතාද මේ දිනවල කටයුතු කරගෙන යන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව චන්දෙ පෙනි පෙනී දෙන අල්ලස්..මේ දිනවල කරන සියලුම සංවර්ධන වැඩත් අල්ලස්.මේ මොනවා දුන්නත් මිනිස්සුන්ගෙ එපාවීම එක සමයි
මෙච්චරකල් හූරන් කාලා මැතිවරණෙ ලං වුණාම නත්තල් සීයාටත් කිට්ටුකරන්න බැරිවිදිහට බෙදාගෙන යන්නෙ...ඇයි මේ අනුකම්පාව මීට කලින් පහළ නොවුණෙ???
ඡන්දයක් එන්නම අවශ්‍යයි... මෙවන් වැදගත් තීරණ ගන්න.
ඡන්දෙට මොවුන්ගේ කුණු වැඩ කරවාගන්න ඔය හදන්නේ.