IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජෝ බයිඩන් පළමුවරට ඊශ්‍රායලයට අනතුරු අඟවයි

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි. ඊශ්‍රායල හමාස් යුද්ධයේදී, කොන්දේසි විරහිතව, ඊශ්‍රායලයට සහාය පළ කිරීමට ඉදිරිපත් වී සිටින බයිඩන්, ඊශ්‍රායලයට සෘජුව අනතුරු ඇඟවීමක් කළ පළමු අවස්ථාව මෙයයි.

අනතුරු අඟවමින්ඇමෙරිකන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ගාසා තීරයේ, රෆා නගරයට, ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඇමෙරිකාව ඊශ්‍රායලයට ආයුධ සැපයීම වහා නතර කරනබවය. මේ වනවිටත් ඊශ්‍රායලයට බෝම්බ සැපයීම තාවකාලිකව නතර කිරීමට ඇමෙරිකන් ජනාධිපති බයිඩන් තීරණය කර ඇත.

ඇමෙරිකන් ජනාපධිතිවරයාගේ මෙම තීරණය කනගාටුවට කරුණක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය පවසා ඇත. ඇමෙරිකන් ජනාපධිතිවරයාගේ අනතුරු ඇඟවීම් ගණනකට නොගෙන, ඊශ්‍රායල ගුවන් හමුදාව රෆා නගරයට ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය පවසයි.ඊශ්‍රායල ප්‍රහාර හමුවේ රෆා නගරයේ රෝහල් අඩපණ වී ඇති බවත්, රෝගීන්ට ප්‍රතිකාර කිරීම ගැටලුවක් වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඊශ්‍රායලයට ආයුධ ලබා සැපයීම නවත්වනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ හිටපු ජනාපධිති ඩොනල්ඞ් ට්‍රම්ප්, වත්මන් ජනාධිපති බයිඩන් විවේචනය කර ඇත. ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ, බයිඩන් හමාස්වරුන්ගේ පැත්ත ගෙන, ඊශ්‍රායලය අමාරුවේ දැමූ බවය.

මෙම නොවැම්බර් මාසයේ, ඇමෙරිකන් ජනාපධිතිවරණය පැවැත්වෙන අතර, බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ද ට්‍රම්ප් ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ද ඊට ඉදිරිපත් වෙයි. ඊශ්‍රායල හමාස් ගැටුම් ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රධාන සාධකයක් වනු ඇත. 

මැදපෙරදිග කලාපයේ ඇමෙරිකාවේ හිතවතා වන්නේ යුදෙව් ඊශ්‍රායලයයි. ලොව එකම යුදෙව් රාජ්‍යය වන්නේ ද ඊශ්‍රායලයයි. පසුගිය ඔක්තෝබර් හත් වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායලය පෙරළා ගාසා තීරයට පහර දෙන්නේ, ‘රිසි පරිදි පහර දෙන්නැයි’ ඇමෙරිකන් ජනාධිපති ඊශ්‍රායලයට ලබා දුන් අවසරය නිසාය. ගාසා තීරයේ පලස්තීනුවන් 34,000 ක් මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියගොස් ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන්ය.

රෆා යනු ගාසා තීරයේ ඊජිප්තුවට මායිම්ව පිහිටා ඇති නගරයයි.ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහර දෙද්දී, උතුරු දිග ගාසා තීරයේ සිටි පලස්තීන වැසියන් දකුණු දිග ගාසා තීරයේ රෆා නගරයට ගියේය. 

මේ වනවිට ගාසා වැසියන් මිලියන 1.3 ක්, සරණාගතයන් ලෙස ජීවත් වන්නේ රෆා නගරයේය. ඊශ්‍රායල හමුදා පහර දෙන්නේ, රෆා නගරයේ සිටින පලස්තීන ජනතාවට සිය නිවෙස් වලින් ඉවත් වන්නැයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව දැනුම් දෙමිනි. මහා පරිමාණයෙන්, රෆා නගරයට ප්‍රහාර එල්ල කිරීමට සියලු කටයුතු සූදානම් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

ජෝ බයිඩන් පළමුවරට ඊශ්‍රායලයට අනතුරු අඟවයි

Prabha Friday, 10 May 2024 02:14 PM

පව්, ඊශ්‍රායලයේ බයිඩන් ගොයියාව සත පහකට ගණන් ගන්නේ නෑ.

:       3       13

Asanga samantha Sunday, 12 May 2024 11:29 AM

මේ සේරම යාලුවෝ මල්ලී...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 881 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site