(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල - මහියංගණ - මාර්ගයේ පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ දී  ලංගම බස්‍ රථයක් හා ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ  ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයකු මියගොස් සිව්දෙනකු බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .

දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස්‍ රථයක් දෙහිඅත්තකණ්ඩිය සිරිපුර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබියදී ඉදිරියෙන් බදුල්ල සිට රිදිපාන දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක  ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කීය .

අනතුරින් මියගිය අය මෙතෙක් හදුනාගෙන නැතැයි පොලිසිය පැවසීය .

මෙම අනතුරින් කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය .

අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි ලෙස අලාභහානි වී ඇති අතර බස්රථයටද අලාභහානි වී තිබේ .

අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංගම බස්‍ රථ රියදුරු බස්රථය සමඟ අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි .