
(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශ සම්බන්ධ මූලික විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් ජූලි 26 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළේය.
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා ඔහුගෙන් ප්‍රකාශයක් ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් අපරාධයක් වෙන්න ඉඩ හැරලා ඒ පිළිබඳ තොරතුරු වසන් කරගෙන සිටින මේ මනුස්සයාට තවම නිදහසේ ඉන්න ඉඩ දීලා තියෙන මහ පුදුම රටක් මේක...!
මට නම් පේන්න විදියට මහ මොලකරු මේ සිරිසේන සහ ඔහුගේ ගෝලයෙක් වූ අර මයික් තලන නාමල් කුමාරත්, නාමල් කුමාරගේ හඬ පටියේ කොතැනකවත් හෝ සිරිසේනව සහ ගෝඨාභයව ඝාතනය කරන බව කිසිම තැනක සඳහන් වෙලා නැහැ කියලා... එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කරලා තිබුණත්, අද වෙනතුරු එම නාමල් කුමාරට එරෙහිව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් අරන් නැහැ.
මේ අපරාධකාරයට අධිකරනයෙන් නියමකල දඩ මුදල ගෙව්වද? මු ඒකත් මගහෑරලද? මේ පිලිබද හොයලා බලන්න අධිකරන නිලදාරින්ට හෑකි වේවා. මේ පිලිබද හොයලා බලා වාර්තා කිරීමට ජනමාධ්‍යවේදීන්ට හෑකියාවක් නෑද්ද? මූව ළඟ එන මෑතිවරනයට කලින් හිරගෙට පටවන්න නීති වේදීන්ට හෑකිවේවා...
ඔය පිස්සුවෙන් දොඩවන්නේ යටි හිත දන්නවා කරපු පාපයේ තරම