(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.
එසේම එම විශ්ව විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම කොන්ත්‍රාත්කරුවන් පැහැර හැර සිටියදී කෝටි හතකට වැඩි මුදලක් අත්තිකාරම් බැඳුම්කරයක් ලබාදීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස කෝප් කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියට නිර්දේශ කළේය.
එම ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත් වටිනාකම කෝටි 31ක් බව එහිදී සඳහන් විය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 8 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පන්ගේත් ජෙප්පන්ගේ ශිෂ්‍ය සංගම්වලත් කෙරුවාවන් තමයි ඔය, ඔය හොර කොන්ත්‍රාත් කාරයෝ රකින්න තමයි උද්ඝෝෂණ කරන්නේ. ළමයි දෙන දෙයක් කාල ඉන්න තැනක ලැගලා ඉගෙන ගන්නේ නැතිව ඔය කොන්ත්‍රාත් කාරයෝ රකින්න සටන් කරනවා...!
ලෝකයේ පළමු වරට අරුම පුදුම දිවයිනේ සොරෙකුට එරෙහිව සොරෙක් කටයුතු කරයි. මේවා ඇස්බැන්දුම් අවසානයේ වෙන දෙයක් නැහැ...