
(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
අදාළ පනත් කෙටුම්පත් එළඹෙන ජූනි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ මඟින් ස්ත්‍රී පුරුෂ සමානාත්මත්තාව හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවීම සහ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට හැකි වන බවද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, DP Education විසින් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අද (10) සංවිධාන කර තිබූ කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව "හිංසන විරෝධී ගෝලීය අභිනයන්" හස්ත මුද්‍රා එලිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ගොඩ යන්නේ 2048. කාන්තාවන්ට එතෙක් ඉවසන්න වෙනවා...
අනේ ඔයා පව්. අපි ගැන හරියට හිතනවා. ඡන්දේ ළඟ නිසා ඔයාගේ හිත අපි වෙනුන් වෙඬරු පිඬක් වගේ උණුවෙලා...!
කරන්න පුලුවන් ඔක්කෝම අසික්කිත වැඩ කරලා, දැන් ගැහැනුන් වෙනුවෙන් පනතක් ගේනවලු. නැහැ නැහැ ස්ත්‍රීන් වෙනුවෙන් තිබුණු කම්කරු පනත ඔය ජරාවට වඩා හොඳයි. ඔය ෆොටෝ එකේ මුල් පේලියේ ඉන්න හොරු සහ මහා හෙර ළඟදීම මහා උළුගෙදරට දැක්කීමට නියමිතයි.
පිරිමින්ට අන්දන්න බැරි නිසා ගැහැණු අන්දන්න වගේ යන්නේ?
දූෂිත පවුල් පාලනේ උදවිය රැකගන්න දීපු පොරොන්දුව නම් ඉෂ්ට වෙලා වගේ පේන්නම තියෙනවා..
කාන්තාවන්ගේ පොරොන්දු ඉටුකරන්න ඉස්සෙලා අපිට දීපු බ්‍රේස්ලට් , ටැබ්ලට් ,බයික් පදින අයට කාර් ...2020 දී විදේශ ණය ගෙවල ඉවර කරනවා ........etc ... දීපු පොරොන්දු ටික ඉටුකරලා ඉන්න
අර අපායේ කැලැන්ඩර් ගහනවා කියන්නේ, ඒක ඇත්ත කතාවක්ද? එහෙම කරනවා නම් ඒ දින දර්ශන නිකුත් කරන්නේ ක්‍රිස්තු වර්ෂයකටද? ශත වර්ෂයකටද? ශක වර්ෂයකටද? කල්පයකටද? නාථ දෙවිදුන් හා සන්නිවේදනය කරන කෙනෙකුට මේ බැව් විමසා අපට දැනගැනීමට සැලැස්වුවහොත් බොහෝ පින් අත්වේමැයි. අම්මපා මෙතන ඉන්න රොත්තම කැලැනඩර්වලට කියාපු අය. ගිහින් අපායත්විනාශකරයි. යම රජ්ජුරුවෝ වෙනම අපායක් හදයි.