
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අභියාචන පෙත්සමක් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ අද (10) ගොනු කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු හා සංස්කෘතික සංවිධායක ලෙස කටයුතු කළ මුන්ටිගූ සරච්චන්ත්‍ර මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කොළඹ දිසා අධිකරණය පසුගිය 24 වැනි දින නිකුත් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා මෙම අභියාචන පෙත්සම ගොනු කර ඇත.
නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මගින් පැවරු මෙම අභියාචන පෙත්සමේ විත්තිකාර වගඋත්තරකරු ලෙස මොන්ටිගෝ සරච්චන්ද්‍ර මහතා නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් නම් මැරෙන්න ඉපදුණු මිනිස්සු නම් වෙන්න බැහැ. තණ්හාව... දැන් වයස හරි නේද සිරි...?
කොහොමත් දේශපාලකයෝ හිතාගෙන ඉන්නේ සියලු ව්‍යවස්ථාවන්ට උඩින් ඒ ගොල්ලෝ ඉන්න විත්තියනේ...!
නාට්‍ය සංදර්ශනය නියමයි.. අත්පුඩි ගහන්න ඕන තැන් එද්දි ඇහැරවන්න
සේරටම කලින්හොරිවිල වෙද මහත්තයාට කියලා කොන්ද කෙලින් කරගෙන... ඇට නැති දිවක්නේ තියෙන්නේ....
අනේ අපිට සේවය කරන්න මෙතුමා දඟලන්නේ. ජනාධිපති වෙලත් රට සුරපුරයක් කළා.
දිට්ඨධම්ම වේදනීය කර්මයට මුහුණදෙන්න වෙනවාමයි. ලංකාවේ සෑම පල්ලියකම දේවමෙහයවල් පැවැත්තුවා. අපායේ සභාපතිකම ලැබෙන එක ස්ථීරයි.
මෙයාට දැන් නම් හොඳටම විකාර වගේ. කරපු බහුබූත වලට මෙයාගේ සරම ඔලුවේ ඔතලා පස්සට දෙකක් ගහල පන්නන්නයි තිබුනේ...
වෙන වැඩක් ඇත්තේම නැද්ද හලෝ?
මෙයාට තියෙන්නේත් මයිනලා ඇතුළු දේශපාලකයින්ට තියෙන තණ්හාවම තමයි. මේ අය තමයි මැරිලා පණුවො වෙලා උපදින්නේ. කතා ඔක්කොම සුදු පිරුවට වගේ.. ඒ වුණාට ඇතුලේ කලුම කලුපාටයි.
පෙරේතකම තමයි...