
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වසර ගණනාවක් නීති විරෝධි ලෙස කිසිදු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය දැව ගබඩාවක් වටලා රුපියල් ලක්ෂ 100 කට ආසන්න දැව තොගයක් අත් අඩංගුවට ගැනිමට පුත්තලම වන සංරක්ෂණ නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් අද(10 ) සමත්ව තිබුණි.
පුත්තලම නගරයට ආසන්නව සෙම්මන්දළුව ප්‍රදේශයෙ ඉතා ආරක්ෂීතව අදාල දැව ගබඩාව ආරක්ෂීත කැමරා පද්ධති වලින් නිසි රැකවරණයට යොදා ගනිමින් පවත්වාගෙන ගොස් තිබුණි.
එහි තේක්ක, කොහොඹ,බුරුත, කොස් ඇතුළු දැව කදන් තොගයක් සමග ඉරා තිබු දැව තොගයක් ද ගබඩා කර තිබු බව පුත්තලම අඩවි වන නිළධාරී අශෝක ප්‍රේමරත්න මහතා පවසයි.
එසේම මෙම දැව රජයෙ වනාන්තර වලින් කපා ඇති බවට පවතින සැක මත ඒ සම්බන්ධව සොයා බැලිමට පරික්ෂණ ආරම්භ කර ඇති බව කියයි.
වැටලීමේදී දැව ඉරීම සදහා භාවිතා කල යන්ත්‍ර සුත්‍ර රැසක් ද අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබේ.
අතර මෙම ස්ථානය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු වැටලිම අතර තුර පලා ගොස් තිබු අතර එම ස්ථානයෙ සිටි මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනිමට හැකිව තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර ගණනාවකට පසුව වැටලුවේ මේ වාරයේ ජරාව අඩුකර නිසාද?
සමහරවිට දැන් පුත්තලම් බුරුවන් නැති නිසා බය නැතිව වටලන්න ඇති..