
(ඒ. ඒ. පේමසිරි)
දුර්ලභ සතුන්ගේ ජාන ලබාගැණිම සදහා පළඟැටියන්, බත්කුරන්, ඇතුළු කුඩා කෘමි සතුන් සියයකට අධික ප‍්‍රමාණයක් ළඟ තබා ගෙන සිටියදි යාල කටගමුව වනජිවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගත් ඉතාලි ජාතික වෛද්‍යවරයකු සහ ඔහුගේ පුත‍්‍රයා වන ඉංජිනේරු සිසුවා ළබන 15 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස තිස්සමහරාම මහේස්ත‍්‍රාත් හා දිසා විනිසුරු තරිඳු සමිර සිල්වා මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ ලූයිගි ෆෙරාරි නැමැති වෛද්‍යවරයකු සහ ඔහුගේ පත‍්‍රයා වන නතියාෆෙරාරි නැමැති විසි අට හැවිරිදි ඉංජිනේරු සිසුවා විය.
යාල ජාතික වනෝද්‍යායේ කටගමුව වනජිවි කාර්යායාලය යාල සෆාරි ජීප් රථ රියදුරකුගෙන් ලද තොරතුරක් මත කටගමුව වනජිවි නිළධාරින් විසින් සිදුකරන ලද මෙහෙයුමකදි කොච්චිපතාන ප‍්‍රදේශයේ දි සැකරුවන් අත් අඩංගුවට ගෙන තිබුණි.
එහිදි කොච්චිපතාන රජයේ රක්ෂිතයේ සැකකරුවන් පැමිණි මොටර් රථය නතර කර දැල් යොදා ගනිමින් සමනලූන් අල්ලමින් සිටියදි වනජිවි නිළධාරින්ගේ අත් අඩංගුවට පත්ව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් දෙදෙනා ඇප කොන්දේසි මත නිවාසි අඩස්සියට පත් කරන්න
දැන දැන වැරැදි කිරීම බරපතල වරදක් ලෙස ඉතාලියේද ගණන් ගැනේ. මේ අයට උපරිම දඬුවම් දෙන්න. අඩුම ගානේ සුලු කාලයකට හෝ හිරේ දමන්න...!
ඉහත අදහස් දක්වා ඇති සුනිල් කියන මිනිහා තමයි මයිනාගේ මූණ පපුවේ පච්චා කොටාගෙන ඉන්නේ..
අවාරේ සිරිපා අපට තහනම් කිරීමෙනුත් මේ වගේ වැඩවලට අනුබල ලැබේවි...!