
(රංජිත් රාජපක්ෂ)
කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයට විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හත්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිස් කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා පැවසිය.
එම රක්ෂිතය තුළ විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් පිරිසක් මැණික් ගරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් සහ බගවන්තලාව පොලිසියේ නිලධාරින් ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් සහ මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බව පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයලා බලන්න දේශපාලකයෝ ඕක පිටිපස්සේ ඇති...