‘‘මාලිමාව කාන්තාව වේදිකාවට ගේන්නේ ප්‍රදර්ශනයට නොවේ‘‘ කාන්තාවන්ට මාලිමා දේශපාලනයට එක්වීමට ආරාධනා කරන්නේ ඔවුන් දේශපාලන වේදිකාවල තබා ඇති මල්පෝච්චි මෙන් ප්‍රදර්ශන භාණ්ඩ සඳහා නොවේ යැයි ජාතික ජනබලවෙිගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ලන්ඩනයේදී පැවසුවා ය. 17 March 2024
ජනපති ශිෂ්‍යත්ව අයැදුම් දිනය දිගු කරයි ආර්ථික අපහසුතා ඇති දරුවන්ට අධ්‍යාපනයට ශක්තියක් ලබාදීම සඳහා අරඹන ලද ’’ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/25’’ සඳහා අයැදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය අප්‍රේල් මස 1 වැනිදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 17 March 2024
කිරිඇල්ලට නීති සම්මානයක් නීතිඥ වෘත්තියේ වසර 50ක කාලයක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට සහ ශාමේන් කිරිඇල්ල මහත්මියට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ගෞරව උපහාර පිරිනැමීය. 17 March 2024
මහ මැතිවරණයක් තිව්වොත් සැබෑ ජනමතය බලන්න පුළුවන් ඕනෑම පක්ෂයක් ඇතුලේ ඡන්දයට කැමති හා අකමැති පිරිස් සිට අතර අවසාන තීරණය වන්නේ පක්ෂ තීරණය බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 17 March 2024
දඩයමේ ගිහින් වැරදි වෙඩිල්ලකින් ජීවිතයක් අහිමිවෙයි විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ තුළ වන සතුන් දඩයමේ ගිය දඩයක්කරුවකු වැරදිමකින් කළ වෙඩි තැබිමකින් වනාතවිල්ලුව එළුවන්කුලම ප්‍රදේශයෙ තරුණයකු මරණයට පත්වි ඇති බව වනාතවිල්ලුව පොලිසිය පැවසිය. 17 March 2024
මව පියා දියණිය කැනඩාවේදී ගින්නකින් මරුට කැනඩාවේ ඔන්ටාරියෝහි නිවසක හටගත් අභිරහස් ගින්නකින් එකම පවුලේ මව,පියා සහ දියණිය මියගොස් ඇත. 17 March 2024
වෙරළ රකින්න ජංගම යෙදුමක් වෙරළ තීරයන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සුහුරු තාක්ෂණය ඔස්සේ භාවිතයට ගත හැකි ජංගම යෙදුම (Beach Cleanup Coordination APP) හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. 17 March 2024
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය මහ මැතිවරණයට කලින් ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වීමට රජයේ ප්‍රධානීන්ගේ වැඩි අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. 17 March 2024
කතානායක විශ්වාසභංගෙ දා මන්ත්‍රී පිල් මාරුවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයත් එය පරාජය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයත් මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගැනීමට මේ දිනවල රහස් සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. 17 March 2024
කීරි සම්බා සටන අරඹයි ලබන යල කන්නයේ දී හෙක්ටයාර් 500ක කීරි සම්බා වගා ව්‍යාපෘතියක් ඇරැඹීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කළේය. 17 March 2024
‘තර්ජන නැති ප්රභූන්ගේ රැකවලුන් ළඟදීම ඉවතට‘ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නොතිබියදීත් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ලබාදී ඇති දේශපාලනඥයන්, ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා රාජ්‍ය බුද්ධි සේවයට පසුගිය සතියේදී දැනුම්දී ඇත. 17 March 2024
මහ බැංකුව පඩිය කපා ගන්න යයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වැඩි කර ගත් වැටුප් යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශ්වවලට දැනුම්දී ඇතැයි එම බැංකු ආරංචි මාර්ගවලින් පැවසේ. 17 March 2024
යුවරාජ් සිං දළදා සමිඳුන් වැඳ පුදා ගනී ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය . 17 March 2024
අනාරක්ෂිත ළිඳට දැරිය බිලි මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයෙ අවුරුදු හයක දැරියක් නිවසේ තිබු අඩක් බැද තිබු ලිදකට ඇද වැටි මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි. 17 March 2024
ඇල්පිටිය ද්විත්ව ඝාතනයේ සැළසුම්කරු අත්අඩංගුවට ඇල්පිටිය පිටිගල ගුරුවෙල හන්දිය ප්‍රදේශයේ වෙළෙන්සලක් අසලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය සිදුකිරීම හා තවත් පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම අපරාධය සැලසුම් කළ බව කියන පුද්ගලයකු තල්ගස්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසයි. 17 March 2024
නෙල්ලිගල බස් අනතුරකින් අයෙක් මරුට:37කට තුවාල නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ගැනීම සඳහා පූඩලුඔය සිට බැතිමතුන් රැගෙන ආ බස් රථයක් අනතුරට ලක් වීමෙන් එහි රියදුරු ඇතුළු 37 දෙනකු තුවාල ලබා එක් අයෙකු මිය ගොස් බව පේරාදෙණිය පොලීසිය කියයි . 17 March 2024
එකොළහේ දැරිය මුහුදට බිලි යාපනය සාට්ටි මුහුදෙන් දියනෑමට ගිය දැරියක් දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි. 17 March 2024
ලොව පිළිගත් සෞඛ්‍ය සේවය පිරිහිලා-විදෙස් මාධ්‍ය ලොව පිළිගත් සෞඛ්‍ය සේවයක් නොමිලේ ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන් වාසනාවන්ත වූවත් ආර්ථික අර්බුදය හේතුවෙන් එම තත්ත්වය වෙනස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 17 March 2024
උතුරු ගාසාවේ දරුවන් තුනෙන් එකක් දැඩි බඩගින්නේ උතුරු ගාසා තීරයේ වයස අවුරුදු 2 කට අඩු ළමයින් තුන් දෙනකුගෙන් එක් අයකු උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන බව ගාසා තීරයේ ක්‍රියාත්මක වන ප්‍රධාන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය ප්‍රකාශ කළේය. 17 March 2024
අද අධික රස්නේ දවසක් දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 March 2024
අධික රස්නය පාසල් ක්‍රීඩා උත්සව නවත්වයි පාසල්වල ක්‍රීඩා උත්සව කල් දමන ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාසල් බලධාරීන්ට උපදෙස් දී ඇත. 17 March 2024
ඇන්ටාක්ටිකාවේ කුරුලු උණ ඇන්ටාක්ටිකාවේ කලාප රැසක පෙන්ගුවීන් සහ මුහුදු ලිහිණියන් අතරේ H5N1 කුරුලු උණ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 16 March 2024
හොර පාස්පෝට් හදා කැනඩාවට පනින්න යද්දී මාට්ටු කූඨ ලෙස සකස් කළ කැනේඩියානු ගමන් බලපතකින් කැනඩාවට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන්තොටුපල ආගමන හා විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකය අද (16) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය. 16 March 2024
දෙමළ භාෂාවෙන් පැමිණිලි කරන්නත් අංකයක් දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව අංකයක් හඳුන්වාදීම අද (16) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 16 March 2024
ගාල්ලත් හොඳම ත්‍රිත්වය අතරට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැති හොඳම භාවිතයන් සඳහා වූ පර්යේෂණ පත්‍රිකා එළිදැක්වීමේ වැඩමුළුවේදී ’’තිරසාර ජීවනෝපායක් සඳහා තිරසාර ව්‍යවසායකත්වය’’ යන මැයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාව, හොඳම පර්යේෂණ පත්‍රිකා 03 අතරට තෝරා ගෙන ඇත. 16 March 2024
මිරිස්සේ ගැටුමකින් සංචාරක වෙළෙන්දෙක් මරුට වැලිගම මිරිස්ස සීක්‍රටි බිච් හෝටලය අසල වෙරළ තිරයෙදී තියුණු ආයුධයකින් පහරදී සංචාරක ව්‍යාපාරිකයකු ඝාතනය කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි . 16 March 2024
පුටින් ඔන්ලයින් ක්‍රමයට ඡන්දය දාලා රුසියානු ජනාධිපතිවරණය මේ වනවිට ආරම්භ වී ඇත. ජනාධිපතිවරණය ආරම්භ වූයේ ඊයේ (15) දිනයේය. 16 March 2024
පොලිස් මූලස්ථානය වෙනත් තැනකට පොලිස් මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යෑමට තීරණයකට තීරණය කර ඇත. 16 March 2024
මහ බැංකුව පඩි වැඩි කරගත් වාර්තාව බදාදා මැතිසබයට ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 16 March 2024
අනුරාධපුර ඩිජීටල්කරණයට අනුරාධපුර නගරයේ ආකර්ෂණීය බව ප්‍රවර්ධනය කිරීම සඳහා නගරය සිතියම්කරණය කර ඩිජීටල්කරණය කිරීමට තීරණය කර තිබේ. 16 March 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026