ජනපතිගෙන් චීන ව්‍යාපාරිකයන්ට ආරාධනයක් තරඟකාරී හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රි ලංකාව ක්‍රමිකව ඉදිරියට යමින් සිටින බැවින් අනාගත ව්‍යාපාරික අවස්ථා සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේය. 17 October 2023
කෝටි 30ක වාලම්පුරියක් මාලඹෙන් අල්ලයි රුපියල් කෝටි 30 ක් වටිනා වාලම්පුරියක් මාලඹේ අරංගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය පවසයි. 17 October 2023
බියගමටත් ළමා රෝහලක් බියගම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ළමා රෝහල ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. 17 October 2023
යාපනයෙන් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි ටී එන් ටී නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1 ක සහිත පාර්සලයක් යාපනය ගුරුනගර් ජැටිය ආසන්නයේ සඟවා තිබියදි අද (17) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 17 October 2023
‘‘රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය වහන්නේ නෑ‘‘ රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේ ඉදිරි කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීතාව (PPP) යටතේ ඉදිරියට පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. 17 October 2023
පැය 24ක් ඇතුළත එකම දුම්රිය දෙපාරක් පිලී පනියි බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද (17) පෙරවරු 10.15 ට කොළඹ කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය බණ්ඩාරවෙල සහ දියතලාව දුම්රිය ස්ථාන අතර මධ්‍යහන 12.00 ට පමණ පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය. 17 October 2023
හඬ පට පිටට දෙන්න බැහැ පාර්ලිමේන්තුවේ කාරක සභාවල හඬ පට පිටට දිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (17 ) පැවසීය. 17 October 2023
රැඳවියාට ගෙනා කිරිබත් පාර්සලයේ කුඩු කිරිබත් පාර්සලයක සැඟවු ජෙල් පැකට්ටුවක් තුළ හෙරොයින් පැකට් 29 ක් සගවා කළුතර බන්ධනාගාරයේ රැදවියෙකු බැලීමට පැමිණි පුද්ගලයක් අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලීසිය පවසයි. 17 October 2023
රජයේ වංචා දූෂණ රාජ්‍ය ආදායමට වඩා වැඩියි රජයේ වංචා දූෂණ පිළිබඳව තිබෙන ගණන් හිලව් එකතු කළහොත් එය රාජ්‍ය ආදායමට වඩා වැඩි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 17 October 2023
බුද්ධි කීර්තිසේන දිවි සිනමාවෙන් නික්ම යයි ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු, පුවත්පත් කලාවේදියකු, ‘බුද්ධි බතික්‘ ආයතනයේ නිර් මාතෘ සහ ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපතිවරයාද වූ ආචාර්ය බුද්ධි කීර් තිසේන මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 17 October 2023
2024 එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ ලංකාවේ එළඹෙන 2024 වසරේ දී එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර ඇතැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 17 October 2023
අප්පුහාමිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් ජිනීවා ගියේ ලංකාව පාවා දෙන්නට හෝ කේලම් කියන්නට නොවේ යැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් පැවසීය. 17 October 2023
ධනුෂ්කගේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 17 October 2023
බොරැල්ල කාසල් රෝහලේ සය නිවුන් දරු ප්‍රසුතියක් බොරැල්ල කාසල් රෝහලේ සය නිවුන් දරු ප්‍රසුතියක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 17 October 2023
සජිත්ගෙන් පලස්තීනයට ඊශ්‍රායලයට ඉල්ලීමක් මිනිස් සංහාරය නැවැත්වීමට කටයුතු කරන්නැයි ඊශ්‍රායලයෙන් සහ පලස්තීනයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 17 October 2023
දැරියන් දෙදෙනකුගේ සිරුරු වහළයේ එල්ලෙයි කිලිනොච්චිය පෙරියපරන්තන් ප්‍රදේශයේදී 17 හැවිරිදි දැරියන් දෙදෙනකු සිය නිවස තුලදී ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී සිරුරු දෙකක් ඊයේ (16) දින හමු වූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි. 17 October 2023
මෛත්‍රීගෙන් කතානායකට පැමිණිල්ලක් ප්‍රශ්න ඇසීමේ වාරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලැබෙන කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද(17) පැවසීය. 17 October 2023
සමාජ මාධ්‍ය නියාමන පනතට එරෙහිව පෙත්සම් 34 ක් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ( සමාජ මාධ්‍ය නියාමන) සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් 34ක පිටපත් තමාට ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය. 17 October 2023
මහජන පැමිණිලි නොතැකූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදී මහජන පැමිණිලි නොසලකා හැරිය පොලිස් නිලධාරීන් 9 දෙනකුට චෝදනා පත්‍ර ලබා දී ඇති බවත්, තවත් 19 දෙනකුට අවවාද පත්‍රිකා ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 17 October 2023
අලි සහීර් දිවුරුම් දෙයි නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රීධූරය සඳහා පත් කෙරුණු අලි සහීර් මවුලානා මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද(17) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 17 October 2023
’ලෝකෙ ගණන් ඉස්සුවත් ලංකාව පරණ මිලටම යූරියා දෙනවා’’ ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල ඉහල ගියද මෙරට ගොවීන්ට ලබාදෙන යූරියා පොහොරවල මිල ඉහල නොදැමීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 17 October 2023
වැලිකඩ පෞද්ගලික ආයතනයකට වෙඩි ප්‍රහාරයක් වැලිකඩ පරණ කෝට්ටේ පාර ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට යම් කිසිවකු විසින් පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව වැලිකඩ පොලිසිය පවසයි. 17 October 2023
සැමියාගේ පහරකෑමෙන් බිරිය මරුට යාපනය නාවට්කුලි ප්‍රදේශයේ දෙදරු මවක් පහරකෑමකින් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. 17 October 2023
ඇමෙරිකා ජනපති බයිඩන් ඊශ්‍රායලයට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හෙට (18) ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. බයිඩන් ඊශ්‍රායලයට පැමිණෙන්නේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව යුද වදින ඊශ්‍රායලයට ඇමෙරිකාවේ සහාය නොඅඩුව හිමිවන බව පෙන්වමිනි. 17 October 2023
පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක් පෑගි කාන්තාවකට තුවාල පුපුරණ ද්‍රව්‍ය අඩංගුකොට සකස් කරන ලද හක්කපටස් වැනි කුඩා පාර්සලයක් පෑගී පුපුරායාමෙන් කඳපොල, කොංකෝඩියා වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවක් තුවාල ලබා ඇතැයි කඳපොල පොලීසිය පවසයි. 17 October 2023
අනිසි චෝදනාකර මුදල් ලබාගත් පී.සී ගෙදර දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ගංජා ජාවාරමක නිරතව සිටින බවට චෝදනා කර වූ බියට පත් කර රුපියල්74,000 මුදලක් සහ රිදී අත් පළඳනාවක් බලහත්කාරයෙන් ලබාගත් බව කියනපොලිස් කොස්තාපල්වරයෙකු දෙහිවල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 17 October 2023
දිසා විනිසුරු ගමන්ගත් කාරයට පුද්ගලයෙක් ගැටෙයි ත්‍රිකුණාමලය දිසා විනිසුරුවරයා රැගෙන ගමන් කරමින් තිබූ අධිකරණ අමාත්‍යාංශයට අයත් කාර් රථයේහැට හැවිරිදි පුද්ගලයෙකු ගැටී තුවාල ලැබීම සම්බන්ධයෙන් සැකපිට එම කාර් රථය පදවාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයා නැදුන්කර්නි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 17 October 2023
මිල්ලගස්පිටිය වැවේ බැම්ම කඩා වැටේ කවුඩුල්ල වනජීවි කලාපයට අයත් කන්තලේ පේරමඩුවට සිමාවි ඇති මිල්ලගස්පිටිය වැවේ වැව් බැම්ම කැඩිගිය බව ප්‍රදේශවාසීන් පවසයි. 17 October 2023
වැස්ස තවත් වැඩි වේ අන්තර නිවර්තන අභිසාරි කලාපය (උතුරු අර්ධගොල්යේ සහ දකුණු අර්ධගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරි වන කපාලය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින නිසා දැනට පවතින වැසි තත්ත්වය වැඩිවීමක් බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 October 2023
විශේෂඥ වෛද්‍යවරියගේ රන්මාලය කඩාගෙන පැනලා ගාල්ල කරාපිටිය මහ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකගේ ගෙල පැලැඳ සිටි රන් මාලය කඩාගෙන පලාගොස් ඇතැයි ගාල්ල මූලස්ථාන පොලීසිය පවසයි. 17 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026