
(ගයාන් සූරියආරච්චි)
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිතරගයෙන් මීට සුළු මොහොතකට පෙර තේරී පත්විය.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ සභාපති ධූරයට විජයදාස මහතා තෝරා ගනු ලැබීය.
පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතා තේරීපත්විය



(ඡායා-ජයමාල් චන්ද්‍රසිරි)
12.36
මෛත්‍රී ඉල්ලා අස්වෙයි:සභාපති පුටුවට විජයදාස ?
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කෝට්ටේදී අද පැවති මෛත්‍රිපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී පක්ෂ සභාපති ධුරයට පත් කිරීමට තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටන් අතට අහුවන ඔක්කොම විකුණනවා වගේ...
ඩීල්දාස ඒකටත් කටුව ගැහුවා.
මෝඩ චූන් කාරයා ත්‍රීවීල් පක්ෂයක නායකයා වෙලා. ආයුබෝවන් දන්නවද ත්‍රී වීල්පක්ෂ ගැන? කොයිතරම් තඩි මෝඩයෙක් වුනත් අනුර බණ්ඩාරනායක නිර්මාණය කළ ඉතාමත් හාස්‍ය ජනක යෙදුමක් ඒක. අප්පුහාමිගේ පක්ෂය ත්‍රීවීල් පක්ෂයක් සභාපති, ලේකම්, භාණ්ඩාගාරික තුන් දෙනාවම ත්‍රී වීල් එකේ දාගත්තාම මුලු පක්ෂයම ඒක ඇතුලේ කියලා ජන පදනමක් නැති පක්ෂයක් ගැන අනුර ඒ කාලේ කිව්වේ". හිටං තමයි ඉතින් පක්ෂය ත්‍රීවීල් 1ක් කළේ...!
අපේ රටේ දේශපාලනයෙන් අතුගා දැමියයුතු අය අතරේ ඉන්න අංක එකේ කෙනෙක් තමයි මෙයා. කණගාටුව මොවුන්ට ඡන්දේ දෙන්න මෝඩයෝ තවත් ටික දෙනෙක් හරි ඉතිරිවෙලා සිටීමයි..
හිටන් දැන් අළුත් පක්ෂයක් පිහිටුවනවද? ඩීල් දාසට යන එන මන් නැතිවෙලාද ඉඳලා තියෙන්නේ. දැන් ඩීල් දාස ආවා කියලා ආශ්චර්යක් වෙයිද? ඩීල් දාසව රටේ කී දෙනෙක් අඳුනනවද? අනේ මේ කෝලං දකින්න අපි ඉපදුනා නේ.
ශ්රී ලංකාවේ ලාබාලම ජනාධිපති නීතිඥයා කීයාගන්නා ඩීල්දාසගේ තවත් ලාබාල වැඩක්! වැඩ බලන සභාපති වෙනඑකත් වලක්වලා වාරණ නියෝගයක් තියෙනකොට මෙයා කොහොමද, පක්ෂ සබාපති විදිහට නිතරගයෙන් පත්වෙන්නේ? මෙයා ශ්‍රී ලංකාවේ අධිකරණයට බරපතල අපහාසයක් කරලා තියෙන්නේ! ජනාධිපති නීතිඥයෙක් විදිහට විතරක් නෙමෙයි, අධිකරණ ඇමති විදිහටත්.
එහෙනම් ජනාධිපති අපේක්ෂකයත් හරි. ඡන්දේ තමයි ඉතිං ප්‍රශ්නෙකට තියෙන්නේ.
රනිල් ලස්සනට වැඩේ කළා. දැන් විජේදාස SLFP එක අරගෙන රනිල්ට හේත්තු වෙනවා. ඕක තමයි විජේදාස - රනිල් ඩීල් එක...
ඕක නිකන් සංගීත පුටු තරඟයක් වගෙයි...
අර ගාඩ් කාරයා හොඳට සල්ලි වියදම් කරයි. මනුස්සයාගේ යාළුවනේ...!
මේවා දැක්කහම ඔය පින්තුර වල ඉන්න කට්ටියට විතරක් නෙමෙයි, අපිටත් හොඳටම හිනායනවා...
හැට වාරණ නියෝගයක් ආවුත් පුදුමයක් නැහැ. අනික අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියන්නේ අලුත් කඩේ උසාවියේ මිස ඩාලි පාරේ නොවේ...
මාර පොරක් නේ සභාපති කරගෙන තියෙන්නේ . ඒ පක්ෂයේ අවසානය තමා ඔය .
ලැජ්ජා නැතිකම ශ්‍රීලනිප සභාපති කමටත් වැඩිය ලොකුයි මගේ හිතේ. එකයි සිරිසේනගෙන් සභාපතිකම විජේදාසටම යන්නේ, ලංකාවේ බොහෝ දේශපාලකයන්ට ලැජ්ජා බය දෙකම නැහැ, නමුත් මේතරම් ලැජ්ජා බය නැතුව ප්‍රසිද්ධියේ ඩීල් දාන දේශපාලකයෝ දෙන්නෙක් ලොවෙත් නැතුව ඇති.
මේ මහත්තයා කට්ට කපටි කයිරාටික මනුස්සයෙක්. දන්නෝ දනී. සිරිසේන මහත්තයට සනීප මදි ටිකක්. බෙහෙත් අරගෙන හොඳවෙලා බලනකොට හිතෙයි මේ මොකෝ වෙලා තියෙන්නේ පක්ෂෙට, කෝ මගේ සභාපති කම කියලා....
ඡන්දයක් ආපුවාම තරගයෙන් ගෙදරට