(අංජුල මහික වීරරත්න)
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් සිටියදී වැඩ ආරම්භ කර අවසන් නොකළ නිවාස 44,053ක වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 15,244.58 ක මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව කී ඇමතිවරයා එම නිවාසවල ඉදිකිරීම් මේ වසරේ අවසන් කිරීමට අපේක්ෂා කරන බව කීය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015-2019 කාලයේ නිවාස වැඩසටහන් 7ක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කර තිබේ.
ආදර්ශ ගම්මාන වැඩසටහන, විසිරි ණය (ආධාර) වැඩසටහන, ග්‍රාම ශක්ති විසිරි ආධාර, විසිරි ණය වැඩසටහන, විරු සුමිතුරු, වකුගඩු ආධාර, ගංවතුරෙන් හානි වූ උතුරේ නිවාස ඉදිකිරීම මෙම ව්‍යාපෘති 7 වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පාලනය කරන්න නම් දරාපු තව එක අපරාධකාරයෙක්...
ප්‍රසන්න හදන්නේ ඔක්කොම ගැහිලි ගහලාම යන්න. නැවත ඇමතිකමක් කවදාවත්ම ලැබෙන්නේ නැහැනේ. ජීවත් වෙලා ඉන්නකන්...
ඒ මොකද බං? කප්පම් ගන්නවට වඩා ඒක වාසිද?