(ලාල් එස් කුමාර)

සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදු⁣වේ පහනට ( කුළුණට) ගෑස් සපයන නලයකට අද සවස අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගත් බව සපුගස්කන්ද තෙල් පිරිපහදු ආරංචි මාර්ග කියයි.

දැඩි වර්ෂාවත් සමග අද පස්වරු හතරහමාරට පමණ මෙම අකුනු සැර වැදී ඇතැයි පැවසේ .

අකුණත් සමග ගින්නක් හටගෙන ඇත. ඒ සමග දුමක් ඉහළට නැගී ඇතැයි ද වාර්තාවේ.

සිද්ධිය සැලවීමත් සමඟ සේවකයන් පැමිණ ගින්න නිවා දැමීමට අවශ්‍ය කටයුතු කර ඇත ගින්නෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැත .