
(ජයරත්න වික්‍රමාරච්චි)
කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මාස 19ක බිළිදකු මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණ වූ බව සාලියවැව පොලීසිය පැවසීය.
මියගොස් ඇත්තේ සාලියවැව යාය හත පදිංචිව සිටි සවීන් දුල්සඳ උපාධ්‍ය නමැති අවුරුද්දයි මාස හතක බිළිදෙකි.
11 දින සවස සිය නිවසේ සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවත් එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වී ඇති මව්පියන් දරුවාව 1990 ගිලන් රථ සේවාව ඔස්සේ නොච්චියාගම දිසා රෝහලට රැගෙන ගොස් ඇති බවත් කීවේය.
එහිදී කඩිනමින් දරුවාව නොච්චියාගම දිසා රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවීමට පියවර ගෙන ඇති බවත් නමුත් එසේ රැගෙන ගියද දරුවා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලීසිය සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසි ප්‍රථමාධාර ගැන දෙමව්පියන්ගේ නොදැනුවත්කම නිසා ඇතිවුණු මරණයක්. දරුවාව නිවසේදීම බේරාගන්න තිබුණා.
කැරට් හෝ අලවෙනි ගැන ආහාර හොඳට තම්බලා පොඩි කරලානේ දෙන්ඩ ඕනෑ... අම්මා තියන කම්මැලි කමට ඔහේ කෑලි කටට ඔබලා තියන පාටයි.... පව් අහිංසක ජිවිතයක්